පළකල දිනය : Thu, Dec 28th, 2017

යුධ ගිනි පරදවා ගණිතයෙන් ලංකාවේ අංක එකට ආ ධෛර්යවන්තයා (Photos)

මේ වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට මුදා හැර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 15,227ක්. කෙසේ වෙතත් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති සිසුන් පිළිබඳව මේ වන විට දැඩි ලෙස කතාබහට ලක්වෙනවා.

මේ අතර 2017 වසරේ අ.පො.ස.(උ.පෙ.) විභාගයේදී ගණිත අංශයෙන් දිවයිනේ පලමු ස්ථානය ලබා ගැනීමට යාපනයේ පේදුරුතුඩුව හාර්ඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් ශිෂ්‍යයා සමත් වී තිබෙනවා.

යාපනය පේදුරුතුඩුවේම පදිංචිකරුවකු වන මෙම ශිෂ්‍යයා යුද්ධය හේතුවෙන් යළි පදිංචි වූ පවුලක සාමාජිකයෙක් බවයි වාර්තාවුණේ. ඔහු ලබාගත් විශිෂ්ඨ ප්‍රතිපලය පහතින් බලන්න.

PHYSICAL SCIENCE – ISLAND WIDE 1ST RANK SRITHARAN THUVARAKAN. JAFFNA HARDLY COLLEGE STUDENT.

 

  • 4.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button