පළකල දිනය : Sun, Dec 31st, 2017

අක්මාව දුන්නු කෙනාට වංචා කළ බව කියූ සිද්ධියට නාමල් සහ රන්ජන් ගැටෙයි !

නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් පිළිබඳව අප මින් පෙර හෙළිදරවු කළා.

ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ සේවය අත්හිටවූ ග්‍රාම නිළධාරීවරයෙක් වන අතර ඔහු දෙදරු පියෙක්.

ඔහුගේ බිරිඳ සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටිනවා.

කෙසේ වෙතත් අදාල අක්මා කොටස පරිත්‍යාගයෙන් පසු ක්‍රිෂාන්ත අසනීප වූ බවත් , නාමල් උඩුගම පවුල විසින් ක්‍රිෂාන්තට නොසලකා හැරි බවත් සදහන් වූවා.

කෙසේ වෙතත් මේ බව සැලවු නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක මහතා සිය මන්ත්‍රී නිල නිවාසයට ක්‍රිෂාන්ත ගෙන්වා ඔහුට උදව් කිරීමට කටයුතු කර තිබුණා.

මේ අවස්තාව ඔහුගේ ෆේස්බුක් පිටුව මගින් සජීවිව විකාශය කිරීමට කටයුතු කර තිබු අතර, අපූරු අමුත්තෙක් සිදුවීම පිළිබඳව අදහස් දක්වා තිබුණා.

ඒ තමයි නාමල් උඩුගම.

එම සටහන පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button