පළකල දිනය : Wed, Jan 3rd, 2018

ළමයෙක්‌ හදන්න පුළුවන්. ඒත් හදන්නන් වාලේ හදලා තේරුමක්‌ නෑ

රොෂාන් රණවන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

අලුත් අවුරුද්දේ ඔහුගේ අලුත්ම විස්තර පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට..

ඉතිං රොෂාන් කොහොමද ?
හොඳයි. හොදින් වැඩ ටික කරගෙන ඉන්නවා. ටිකක්‌ කාර්ය බහුලයි මේ දවස්‌ ටිකේ.

චිත්‍රපට වලට ආරාධනා ලැබෙන්නෙ නැති නිසා ද ටෙලිනාට්‍යයට එන්න හිතුවේ ?
ආරාධනා ලැබෙන්නෙ නැතුව නෙවෙයි. හැම චිත්‍රපටයකටම සම්බන්ධවෙන්න අමාරුයි. තෝරා බේරාගෙන තමයි ඒවට සම්බන්ධ වෙන්නේ. ලබන අවුරුද්දේ ෆේස් ටු ෆේස් කියල ෆිල්ම් එකක්‌ එන්න තියෙනවා.

ඒ ගැන සඳහනක්‌ කළොත් ?
අධ්‍යක්‌ෂණය හර්ෂ උඩකන්ද. විශේෂත්වය තමයි මම ඒකෙ දුෂ්ටයාගේ චරිතය තමයි කරන්නේ. දුෂ්ටයාගේ චරිතය කරන මගේ පළමු අවස්‌ථාව. ඒ වගේම මම ඒකෙ ද්විත්ත්ව රංගනයක්‌ කරනවා. විශේෂයි ඒ හින්ද මට ඒක. වෙනස්‌ අත්දැකීමක්‌ වෙයි ලාංකීය සිනමාවට.

මොකද එකපාරටම දුෂ්ඨයට මාරුවෙන්න හිතුවෙ?
නෑ ඉතිං වෙනසක්‌ වෙන්නත් ඕන. ඒ වගේම මම හැමදාම කළේ පෙම්වතාගේ චරිතය. දුෂ්ඨයාගේ චරිතයත් කරන්න පුළුවන් කියන දේ පෙන්නන්න ඕන කියලා හිතුණා.

ටෙලියක රඟපානවට වඩා වෙළෙඳ දැන්වීම් වාසිදායක නැද්ද?
ඒක එහෙම කියන්න අමාරුයි ඉතිං. කොහොමත් හැමදාම ලාභදායක වෙළඳ දැන්වීම් තමයි.

හේමාල් සිනමාවේ ඔබේ තැන ආක්‍රමණය කළා නේද?
කොහොමත් අලුත් කෙනෙක්‌ එනවා ඕන තැනක. ඒක අපිට නවත්වන්න බෑ. මට පස්‌සෙ හේමාල් ආවා. එහෙම කියල මට වැඩවල අඩුවක්‌ නෑ. ඒ වැඩවල ප්‍රචාරණයේ තමයි අඩුවක්‌ වුණේ. ඒක නිසා පොඩි හිස්‌තැනක්‌ ආවා. කොහොම වුණත් රොෂාන් රණවන කියල ඉන්නෙ එක්‌කෙනයි. ඒ තැන වෙන කෙනෙක්‌ට ගන්නත් බෑ. මට වෙන කෙනෙක්‌ගෙ තැන ගන්නත් බෑ. හැබැයි තරගයක්‌ තිබිය යුතුයි. එතකොටයි අපි දෙන්නම සාර්ථක. කෙනෙක්‌ එනවා. තව කෙනෙක්‌ යනවා. ඒක විශ්ව ධර්මය.

ඔබේ ජනප්‍රියත්වය අද අඩුවෙලා වගේ දැනෙනවද?
මට එහෙම දැනෙන්නේ නෑ. එළියට ගියාම ප්‍රෙක්‌ෂකයන්ගෙන් තියෙන ඒ ආදරය අදටත් එදා වගේම තියෙනවා. ඒකෙ අඩුවක්‌ මට තවම දැනිල නෑ.

කාර්යබහුලත්වයත් එක්‌ක බිරිඳ මොකද කියන්නේ?
ඇත්තටම එයා මගේ සමහර දේවල් වලට සහභාගී වෙනවා. මම ජනප්‍රියයි කියල හිතුණ කාලෙට වඩා මම අද කාර්ය බහුලයි. කුෂානිගෙන් ඒ සහයෝගය මට ලැබුණෙ නැත්තන් මට මේ දේවල් කරගත්න අමාරුයි. ප්‍රශ්නයක්‌ නෑ ඉතිං ඇයගෙන්.

තෝරා බේරා ගැනීම් ඔබේ ස්‌ථාවරයට බලපෑමක්‌ වෙයිද ?
නෑ එහෙම වෙන්නෙ නැහැ. මට මුදල් වලින් අඩුවක්‌ නැහැ. හොඳ ස්‌ථාවරයක්‌ තියෙනවා. මගේ මුදල් පරිපාලනය හොඳ නිසා ඒක මට තාම ගැටලුවක්‌ වෙලා නෑ.

දෙන්න කවදද තුන්දෙනෙක්‌ වෙන්නෙ ?
හොඳ ප්‍රශ්නයක්‌ ඒකනන්. ඒක අපි තාම ප්ලෑන් කරනවා. මොකද අපි දෙන්නම ගොඩාක්‌ කාර්යබහුලයි. ළමයෙක්‌ හදන්න පුළුවන්. ඒත් හදන්නන් වාලේ හදල තේරුමක්‌ නෑ. ඒ දෙන්න ඕන රැකවරණය දෙන්න අපි දෙන්නගෙන් එක්‌කෙනෙක්‌ හරි නිදහසේ ඉන්න ඕන. අනිවාර්යෙන් ළමයෙක්‌ බලාපොරොත්තු වෙනවා. බලමු ඒක අද හෙට කියල දිනයක්‌ කියන්න අමාරුයි. දරු සුරතල් බලන්න බලාපොරොත්තු වෙනවා දවසක.

  • 1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button