පළකල දිනය : Fri, Jan 5th, 2018

මගේ අයියා දැන් ආයේ කසාද බඳින එක අනුමත කරන්න බැහැ

කලා ජීවිතයේදී අවන්ති අත්විඳපු ලොකුම සතුට මොකක්ද?

1983 හොඳම වේදිකා නිළිය විදියට සම්මාන දිනාගත්තු අවස්ථාව තමයි මුලින්ම මතකයට නැඟෙන්නේ. ඊට පසුව 2010 හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය සම්මානයට ලක් වීමත් මගේ කලා ජීවිතයේදී උපරිම සතුට විඳපු අවස්ථා දෙකක්.

එතකොට කලා ජීවිතයේදී විඳපු ලොකුම දුක..?

මෙගා ටෙලි නාට්‍යවලට ගිහින් පාන්දර ඉඳන් රෑ 11-12 වෙනකම් හෙම්බත් වෙවී වැඩ කරන්න වීම තමයි.

අද ඔබ ඒ දුකින් මිදිලා නේද ඉන්නේ ?

අ‍පොයි ඔව් දැන් ඒ විදියට කෙරෙන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ හෙම්බත් වෙන්න බැරි හින්දමයි ඒ තීරණය ගත්තේ.

ඒත් දැන් අවන්ති දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ගත්තු තීරණය ගැන දැන්නම් දුක හිතෙනවා ඇති?

ඉස්සර චරිතයට සුදුසු කෙනාව තමයි ගත්තේ අද ටෙලි නාට්‍යවලට ගන්නේ ගාණට සුදුසු කෙනාව. ඒ අය කියන ගාණට රඟපාන්න කැමැති අය ඉන්නවා. ඒ හින්දා අපිට කතා කරන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු අපේ ගාණ ඇහුවම ඊට පස්සේ කතා කරන්නේ නැහැ. ඔන්න ඔය හේතුව හින්දයි දැන් මාව අඩුවෙන් දකින්න ලැබෙන්නේ. ඒත් මට නම් දුකක් නැහැ. මම රඟපාලා ජීවත් වෙන කෙනෙක් නමෛයි. මුදල වගේම ආත්ම තෘප්තියත් වැදගත්. හොඳ නිර්මාණ එකක් දෙකක් කළත් ඇති මේ දවස්වල ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ වේදිකාවට.

පෞද්ගලික ජීවිතේ ගැන හිතන කොට ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?

මට හොඳ සැමියෙක් ලැබුණා. මගේ දුව හොඳට ඉගෙන ගෙන තානාපති කාර්යාලයක හොඳ රැකියාවක් කරනවා. දුවගේ විවාහය ලියාපදිංචි කරලයි තියෙන්නේ. 2018 වසරේ ඇය විවාහ උත්සවය ගන්නවා පෞද්ගලික ජීවිතය පැත්තෙන් මට ලොකු සතුටක් තියෙන්නේ.

අවන්තිට නිළියක් විදියට සම්මාන ඇගයීම් ලැබුණා ඒ ඔක්කොටම වඩා සම්මානය වන ඔබේ සැමියා ලැබුණෙත් ඔබ නිළියක් හින්දා නේද?

මම නිළියක් වුණේ 1979දී. ඒ කා‍ලේ කුසුම් පීරිස් රේඩියෝ එකෙන් “සහන් එළිය”කියල වැඩසටහනක් කළා. ඒකට නළු නිළියන්ව ගෙන්නනවා. එක සතියක මමත් ගියා. එදා මගේ ලිපිනය කිව්වම මගේ රසිකයෙක් විදියට තමයි යගත් මට ලියුම් එව්වේ. ඒ ලියුම් හුටපටය තමයි මට යහපත් සැමියෙකු ලබා දෙන්න තරම් දුරදිග ගියේ.

එච්චරද?

නෑ මුලදී එයා ලියුම් එව්වේ. දවසක් එයා මගේ වේදිකා නාට්‍යයක් බලන්න ආවා. එදා තමයි අපි මුලින්ම හමුවුණේ. ඊට පස්සේ තමයි ආදරය ප්‍රකාශ කළේ. ඔය කා‍ලේ පත්තරේක “මම හොයන සහකරුවා” කියලා විශේෂාංගයක මගේ ලිපියක් පළවෙලා විවාහ යෝජනා ගොඩක් ආවා. ඒ ලියුම් එක්ක ආපු ‍පොටෝ ටිකයි යගත්ගේ ‍පොටෝ එකයි බලල අයියා තමයි කිව්වේ “මෙයා හොඳයි කියලා”. මාව නිළිකමට යොමු කළෙත් මට සුදුසු සහකරුවා හොයලා දුන්නෙත් මගේ අයියා ජයසේකර අපෙන්සු.

ඔබව නිළිකමට යොමු කළේ අයියා (ජයසේකර අ‍පොන්සු) ඔබේ පෞද්ගලික ජීවිතය සාර්ථක වුණාට අයියාගෙ විවාහය බිඳිලා ගියා. ඒ ගැන හිතනවිට නම් දුකක් දැනෙනවා ඇති නේද?

අයියා මට සුදුසුම කෙනා තෝරල දුන්නා. මගෙයි පවු‍ලේ හැමෝගෙමයි විවාහයන්ට අත්සන් කළේ අයියා. මගේ දුවගේ විවාහය ලියාපදිංචි කරද්දීත් අත්සන් කළේ අයියා. අපි හැමෝගෙම ජීවිත සාර්ථක වුණත් අයියගේ විවාහ ජීවිතය බිඳිල ගියා. ඒක එයාගේ දෙවය වෙන්න ඇති. ඒ ගැන හිතනකොට නම් මට පුදුම දුකක් දැනෙනවා.

අද ඔබේ අයියා හුදකලා වෙලා සුදුසු තැනකින් යළි ඔහුගේ ජීවිතය ආරම්භ වෙනවා නම් ඔබ සතුටුද?

මගේ දුවත් විවාහ වෙන්න යනවා මගේ අයියා දැන් ආයේ කසාද බඳින එක අනුමත කරන්න බැහැනේ. වෙච්ච දේවලින් පාඩම් ඉගෙන ගෙන ජීවිතය ගෙවන එකයි අයියා දැන් කළ කළ යුත්තේ.

සුදුසු කෙනෙක් ලැබුණොත් හතරවැනි වතාවටත් විවාහයක් ගැන හිතනවා කියලා ඔබේ අයියා අපේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවා. අයියගේ සතුට ඔබට සතුටක් ‍නෙවෙයිද?

මමත් ඒ පුවත්පත් ලිපිය දැක්කා. “ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එළියටත් බයයි“ කියලා කියමනක් තියෙනවා. ඒ ලිපිය දකිද්දී මට හිතුනේ ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා ආයෙ ගිනි ගොඩකට පනින්න හදනවද කියලා. මම නම් අයියා කරපු ඒ පුවත්පත් ප්‍රකාශය සියයට සියයක්ම ප්‍රතික්‍ෂේප කරනවා. ඒ විතරක් නමෛයි අයියා ඔය වගේ අදහසක ඉන්නවා කියන එකටත් මම ‍පොඩ්ඩක්වත් කැමැති නැහැ. එහෙම කියන්නේ අයියගේ සතුටට බාධා කරන්න නමෛයි. ආයේ එයා දුකින් දුකට පත් වෙන එක වළකාලන්නයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button