පළකල දිනය : Mon, Jan 8th, 2018

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා යුග දිවියට ! (Photos)

කාවිංග පෙරේරා නව පරපුරේ දක්ෂ නළුවෙක් විදියට හැමදෙනාගෙම ආදරය දිනාගෙන ඉන්නවා.

පහුගිය දවස් වලනම් කාවිංග ගැන එක එක විදියෙ කතා පැතිර ගියා.

කොහොම වුනත් අද (08) කාවිංගට මංගල සීනු හැඬවෙනවා කියලා අපිට ආරංචි වුනා. ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ.

අද රාත්‍රියේ කොළඹ ප්‍රධාන පෙලේ සුපිරි හෝටලයක කාවිංගගේ මංගල සාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සඳහා කලා ලොවේ තරු රැසකට ආරාධනා ලැබිලා තියෙනවා තියලත් දැනගන්න ලැබෙනවා.

ඒ වගේම කාවිංගගේ විවාහ දිවියට සුබ පතමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.

ශලනි සිය මුහුණුපොතේ කාවිංගට සුබ පතමින් තබා තිබු සටහන පහතින්.

“මචං කවි..
ජීවිතේ හමුවු නොයෙකුත් බාධක දුක් කටොලු, කටකතා මැද මිතුරන් අවැසිම මොහොතේදි සෑබෑම මිතුරෙකු සොයුරෙකු වී නොසැලී ලගින් සිටි ඒ මිතුදමට ගොඩාක් ස්තූතියි..
ඒ වගේම අදින් පටන් ගන්න ජීවිතේ ලස්සනම පරිච්ඡේදය අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
එහෙනම් මචං “සුභ මංගලම්”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button