පළකල දිනය : Mon, Jan 8th, 2018

රන්වීර් දීපිකාත් එක්ක හොරෙන්ම ලංකාවට ආවේ විවාහ වෙන්නද ?

දීපිකා සහ ජනප්‍රිය බොලිවුඞ් නළු රන්වීර් සිං අතරේ ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා පහුගිය කාලේ ඉන්දීය මාධ්‍ය ඉහලින්ම කතා කලා.

කොහොම උනත් ඒ කතා අතරෙ රන්වීර් සහ දීපිකා පසුගිය (05) වෙනිදා ලංකාවට පැමිණීමත් බොහෝ දෙනාගෙ අවධානයට යොමු වුනා.

පසුගිය සිකුරාදා තම 32 වැනි උපන්දිනය සමරපු දීපිකා ලංකාවට ඇවිත් කාටත් හොරා විවාහ ගිවිස ගන්න සූදානමක් තිබුණා කියලා කියලා ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

ඒ අතරතුරේම බොලිවුඩයේ තවත් සුපිරි නළුවෙකු වන ඉම්රාන් ඛාන්, ඔහුගේ බිරිඳ මෙන්ම කුඩා දියණියත් මේ දවස්වල නිවාඩුවක් ගත කරන්න ලංකාවට ඇවිල්ලා ඉන්නවා.

පසුගිය දවස් කිහිපයේ ලංකාවේ දකුණු වෙරළ තීරයේ ස්ථාන කිහිපයකම ඔවුන් සංචාරය කරලා තිබුණා.

ඔවුන්ගේ ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button