පළකල දිනය : Tue, Jan 9th, 2018

වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි !

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button