පළකල දිනය : Tue, Jan 9th, 2018

දිනකට ප්‍රමාණවත් තරම් නිදාගන්නේ නැත්නම් ඔබේ ජිවිතයට සිදුවෙන අනතුරු මෙන්න

සෑම පුද්ගලයෙකුම දිනකට ශරීරයට ලබාගතයුතු නින්ද පැය 8ක කාලයක් වුවත් බොහෝදෙනාට එය මග හැරී යනවා.

ඔබගේ කාර්යය බහුල බවත් සමග නින්ද ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක් ලෙස සිතුවත් එයින් ඔබේ ශරීරයේ අභියන්තරයට සිදුකරන හානි පිලිබදව ඇසුවොත් ඔබ බියට පත් වේවි.

නින්ද අඩුවිමෙන් නිපදවෙන රසායනික වර්ග 2ක් මගින් මොලයට හානි සිදුවන අතර ඇල්ෂෙයිමර් පාර්කින්සන් සහ ශරීර පටක ඝනවීමේ රෝගය සෑදීමේ අවධානමක් ‍තිබෙනවා.

නින්දේ දී නැතිවන අහිතකර රසායනිකයන් නින්ද නොලැබිමේ දී ඉහළ යාමෙන් මොළයේ පටක විනාශ වීමේ අවධානමක් පවතින නිසා සුව බර නින්දක් ලැබීමෙන් මොළයේ සාර්ථක ක්‍රියාකාරීත්වය හා නිරෝගී බවටද උපකාරී වනවා.

ඔබ නින්ද අඩුවෙන් ලබන පුද්ගලයෙක් නම් අද අප කියන්න යන මෙම රෝග ඔබටත් වැළදීමේ අවදානමක් පවතිනවා. එසේනම් අපි දැන් බලමු නින්ද අඩුවීමෙන් වැළදීමට හැකි රෝගයන් මොනවාද කියා.

මතකය අහිමි වීම හා මානසික අවපීඩනය.

සුවබර නින්දක් ලබන විට මොලයේ සෛල ප්‍රතිජනනය වීම සිදු වනවා. ඔබ අඩුවෙන් නිදා ගන්නා විට මොළය වෙහෙසට පත් වන අතර දුර්වල මතකයක් ඇති වීමට හා සම්පූර්ණ මතකය අහිමි වීමට මඟ පෑදෙනවා.

ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මඟින් ශරීරයට කොටිසෝල් හෝර්මෝනය ස්‍රාවය කිරීම සිදු කරනවා. මෙම හෝර්මෝනය මඟින් මානසික අවපීඩනය ඇති කරවනවා.

හෘදයාබාධ ඇතිවීම.

නින්ද අතරතුර අපගේ සිරුරේ පද්ධතීන් අළුත්වැඩියා වන අතර, විෂ වර්ග ඉවත් වීම ද සිදු වනවා. උදෑසන අවදිවිමෙන් පසු වතුර වීදුරුවක් පානය කල විට අක්‍රීය කරන ලද විෂ වර්ග සිරුරෙන් ඉවත්ව යනවා. නමුත් ඔබ අවම නින්දක් ලබන පුද්ගලයෙක් නම් අධික රුධිර පීඩනය , හෘදයාබාධ වැනි තත්වයන්ට පහසුවෙන්ම ගොදුරුවීමේ ඉඩකඩ වැඩි වනවා.

දියවැඩියාව හා අධි රුධිර පීඩනය.

ශරීරයට ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මඟින් ක්ෂණික ආහාර හා පැණි රස ආහාර වලට ඇති නැඹුරුතාවය වැඩි වනවා. නින්ද අහිමි වීම නිසා ඇති වන කායික හා මානසික තෙහෙට්ටු ගතිය මඟහරවා ගැනීමට කියා සිතමින් කාබෝහයිඩ්‍රේට අඩංගු වන ක්ෂණික ආහාර වලට හුරු වීමත් සමග අධි රුධිර පීඩනය හා දියවැඩියාවට ගොදුරු වීමේ අවධානම ඉහළ අගයක් ගන්නවා.

පිළිකා ඇතිවීමේ අවධානම.

අධ්‍යන වාර්තා මගින් සොයාගෙන තිබෙන ආකාරයට ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මඟින් පිළිකා ඇති වීමේ අවදානමක් පවතිනවා. එමෙන්ම ශරීරය තුළ විෂ වර්ග නිපදවීම ද වැඩි ප්‍රවනතාවයක් ගන්නවා.

අස්ථි දුර්වල වීම.

ඔබ දිනකට පැය 6කට වඩා අඩුවෙන් නිදා ගැනීමට හුරුවී සිටිනවා නම් ඔබගේ අස්ථි වල ඝනත්වය අඩුවීමක් සිදුවනවා. මෙමඟින් අස්ථි දුර්වල වී බිදී යන අතර අස්ථි වල ඇති ඛණිජයන්ද අඩුවී සන්ධිගත වේදනාවන් හා අස්ථි බිදියාම සිදුවනවා.

ඔබත් නින්ද අඩුවෙන් ලබන පුද්ගලයෙක් නම් අදම එය නවතා දමා ඔබගේ ශරීර සෞඛ්‍ය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්න.

මේ පිලිබදව ඔබගේ යහලුවන්ටත් දැනගන්න ෂෙයාර් කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button