පළකල දිනය : Thu, Jan 11th, 2018

දැනට ලෝකයෙන් හමු වී ඇති විශාලතම සර්පයන් 10 දෙනා !

10 . දුබුරු නාග රාජයා

මොහු දැනට හමු වී ඇති විෂකුරුම සර්පයන්ගෙන් එකකු වන අතර ඔස්ට්‍රලියාවේ ටස්මනියා පෙදෙසෙන් හැර සෑම පෙදෙසකම වාසය කරයි. මොහු දෂ්ට කළහොත් මිනිසකු මිනිත්තු කිහිපයකින් මරණයට පත් කල හැක. මොහු අඩි 9.84 ක දිගකින් යුක්තය.

9. බුෂ් මාස්ටර් (අඩි 10 ත් 12 )

මොවුන් උතුරු හා මද්‍යම ඇමරිකාවේ වැසි වනාන්තර වලින් හමු වන අතර මොවුන් අඩි 10 ත් 12 අතර ප්‍රමාණයකින් විශාල වේ. මොවුන්ද ඉතා විෂගෝර වන අතර මොවුන්ගේ ශරීරයෙහි දියමන්ති ආකාරයෙන් යුතු රටා වලින් යුක්ත වේ.

8. දියමන්ති පිබුරා (අඩි 13)

මොවුන් උතුරු සහ නැගෙනහිර ඔස්ට්‍රලියාවෙන් හමු වන අතර මොවුන්ගේ ශරීරයෙහි කහ සහ ක්‍රීම් පැහැති දයමන්ති අයුරින් හැඩ ගැසුන රටා වලින් යුක්ත වේ. මොහු අඩි 13 ක දිගකින් සමන්විත වේ.

7. පිබුරකු වැනි සර්පයා (අඩි 13)

මොහු විෂ රහිත සර්පයකු වන අතර මොහු ඉතා වර්ණවත් වේ. මොහුට ඉතා හොදින් ජලයේ පිහිනිය හැකි අතර මොවුන් වැඩි වශයෙන් වියළි ස්ථාන වල වාසය කරයි.මොවුන් අඩි 13 කින් දිග වන අතර කිලෝ 45 කින් බරකින් සමන්විතය.

6. අප්‍රිකානු කළු නාගයා (අඩි 14)

මොවුන් නැගෙනහිර හා උතුරු අප්‍රිකාවේ කදු සහිත පෙදෙස් වලින් හමු වන අතර මොවුන් ඇති මාරාන්තික හා විෂඝෝරම සර්පයින්ගෙන් එකෙකි. මොවුන් හට පැයට කිලෝමීටර 20 ක පමණ වේගයෙන් ගමන් කල හැකි වේ. මොවුන් මිනිසුන් විශාල සංඛ්‍යාවකට දෂ්ට කර ඇති අතර ඔවුන් මිනිත්තු 45 ක් ඇතුලත මරණයට පත්ව ඇති බව වාර්තා වේ. මොවුන් අඩි 14 ක විශාලත්වයකින් යුක්ත වේ.

5. කින්ග් කෝබ්‍රා (අඩි 18.7 )

මොවුන් ඉන්දියාවේ, පිලිපීනයේ හා ඉන්දුනීසියාවෙන් හමු වන විෂඝෝරම හා විශාලතම සර්පයින්ගෙන් එකෙකි. මොවුන් කිලෝ 9 ක පමණ බරකින් යුතු වන අතර අවුරුදු 30 ක පමණ ආයු කාලයකින් යුතු වේ. මොවුන් අඩි 18.7 ක විශාලත්වයකින් යුක්ත වේ.

4. අප්‍රිකානු ගල් පිබුරා (අඩි 23)

මොවුන් විෂ රහිත සර්ප කොට්ටාශයක් වන අතර අප්‍රිකානු කලාපයේ සිටින විශාලතම සර්පයින්ගෙන් එකෙකි. මොවුන් ඉතා සංවේදී වන අතර රාත්‍රී කාලයේ පවා ගොදුරක් අල්ලා ගැනීමේ හැකියාව පවතී. මොවුන් අඩි 23 ක විශාලත්වයකින් යුක්ත වේ.

3. කොළ ඇනකොන්ඩා (අඩි 28)

මොවුන් උතුරු ඇමරිකාවෙන් හමු වන ලොව විශාලතම සර්පයන්ගෙන් එකෙකි. මොවුන්ගේ බර කිලෝග්‍රෑම් 227 ක් පමන වන අතර අඩි 28 කින් පමණ විශාලත්වයකින් යුක්ත වේ. මොවුන් ජගුවර්වරුන්, ඌරන් ගොදුරු කර ගන්නා අතර එක අහාර වේලකින් පසුව සති හෝ මාස ගණනක් නිරාහාරව සිටිය හැකි බව පැවසේ.

2. ජාලිකා සහිත පිබුරා (අඩි 29.5)

මොවුන් අඩි 29.5 ක දිගකින් සහ බර කිලෝ 160 කින් සමන්විත එකවර බිත්තර 100 යක් පමණ දමන ලොව විශාලතම සර්පයන්ගෙන් එකෙකි.

1. ටිටෑනබෝවා (අඩි 48)

මොවුන් දැනට වසර දහස් ගණනකට පෙර වාසය කර ඇති මෙලොව වාසය කර ඇති විශාලතම සර්පයායි. මොයුන් බරින් කිලෝ 1000 ක් 2000 ත් අතර බරකින් යුක්ත වී ඇති අතර කිබුළන්, හරකුන් වැනි විශාල සත්වයන් ආහාරයට ගත් බවට සැලකේ. අඩි 48 කින් පමණ විශාලත්වයකින් යුක්ත වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button