පළකල දිනය : Sat, Jan 13th, 2018

අතදරුවන් වැස්සට තෙමන, අව්වට වේලන ඉස්පිරිතාල ගාව හිගාකන තාත්තා !

කොළඹ හිගනන්නෝ දැන් වැහි වහැලා. කලර් ලයිට් (Colour Lights) ලග, පෝයට පන්සල් ලග, සිකුරාදාට මුස්ලිම් පල්ලි ලග, කොච්චිකඩේ පල්ලිය ලග, කොටුව, මරදාන Station එක ලග මේ හිගන බිස්නස් එක හොඳට කරගෙන යනවා.

මෙම යාචකයන් දිනකට අවම වශයෙන් රුපියල් 5,000 ක් පමණ උපයන අතර එම යාචක පිරිස වටා ගෙතුන තවත් අපුරු ව්‍යාපාර රැසක් මේ වනවිටත් බිහිවී තිබෙනවා.

දවල් 11:30 පසුවත්ම කොළඹ වටේ යන ත්‍රිවිල් කීපයක් යාචකයන්ට ලැබෙන කෑම පැකට් එකතුකර තැන තැන තබාගෙන විකුණනවා. ලංකාවේ හොඳම බිස්නස් එක හිගන බිස්නස් එක වෙලා ඉවරයි.

අද අපි කියන්න යන්නේ පුංචි අතදරුවන් වැස්සට තෙමන, අව්වට වේලන අලුත්ම හිගන බිස්නස් එක ගැන. මේ බිස්නස් එකගන ගැන අපුරු සටහනක් බුකියේ තිබුනා.

“අනේ මහත්තයො අපි තලවකැලේ.. අපෙ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ.. අපි අද පාන්දර කොළඹ එන්න පිටත් උනේ.. දැන් ගමට යන්න සත 5ක්වත් නෑ..දවසටම ප්ලේන්ටියක්වත් බොන්න හම්බ උනේ නෑ..කීයක් හරි දීලා යන්න මහත්තයා..”

දැනට මාස ගණනකට විතර කළින් රාත්‍රි 9.00 ට විතර ලුම්බිණි ඉස්කෝලෙ ළගදි මගෙ car එක නවත්වලා.. මේ පින්තූරෙ ඉන්න තරුණයා එහෙම කීවා..කිළුටු ඇදුම් ඇදගත්ත පුංචි දරුවො දෙන්නෙකුත් වයසක කාන්තාවකුත් මෙයා එක්ක හිටියා.

ඉතින් මහත්තයගෙ හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා.. ?

ඒක එතනින් ඉවර නෑ..

ආසන්න මාස කිහිපයක් ඇතුලත 4 වතාවක් මේ තරුණයා මගෙ වාහනේට රාජගිරියෙදි, ඩාලි පාරෙදි, දියත පාක් එක පාරෙදි අත දැම්මා.. මේ විදියටම බොරු කියාගෙන ආවා..මේ photo එක ගත්තෙ අවසානයට හම්බ උන දවසෙ.. මෙච්චර කල් හිටිය පිරිමි දරුවා වෙනුවට එදා වඩාගෙන හිටියේ ගෑනු දරුවෙක්..
පොදවැස්සට පොඩි එකා තෙමෙනවා.. මම ඒක කිව්වට පස්සෙ දෙන්නෙක් කොහෙද ඉදන් ඇවිදින් මේ රෙදි කෑල්ල දරුවගෙ ඇඟට දැම්මා..

මම මේ කතාව මගේ අයියා කෙනෙක්ට කීවා. මේ photo එකත් යැවුවා. මාසෙකට දෙකකට කළින්.

අයියා මට අද call කරලා කීවා මේ අය අද මාළබේ නෙවිල් ප්‍රනාන්දු hospital එක ළග මේ වැඩේම කරනවා කියලා.

මේ පුංචි දරුවන්ට හඩක් නෑ
අවුවට පිච්චෙනවා..
වැස්සට තෙමෙනවා..
මේ වගේ තව ගොඩක් අය ඇති..

photo එක post කරන්නෙ ඔයාලා හැමෝම දැනුවත් කිරීමක් විදියට.

දසවකට රුපියල් 30000ක් හොයපු කැළණි පන්සලේ ඉන්න යාචකයගේ කෙරුවාව මාට්ටු වුන හැටි පහත වීඩියෝවෙන් බලන්නකෝ..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button