පළකල දිනය : Mon, Jan 15th, 2018

පෙම්වතා සහ මිතුරන් දෙදෙනා සමූහ දූෂණය කළ පාසල් සිසුවිය මිය යයි !

සිය පෙම්වතා සහ ඔහුගේ මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වූ වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් පිළිබදව සංවේදී පුවතක් අප මින්පෙර වාර්තා කළෙමු.

කෙසේ වෙතත් එලෙසින් සමූහ දූෂණයට ලක්වූ පාසල් සිසුවිය මියගිය බව වාර්තා වෙනවා.

මෙම මියගිය දැරිය පසුගිය 9 වැනිදා රාත්‍රියේ සමූහ දූෂණයට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

දැරියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර, ඉන් පසුව මෙම පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක් කර තිබෙන බව සදහන්.

දැරිය දූෂණය වූ දිනට පසු දින ඇය පදිංචි නිවස පිටුපස පිහිටි කොහොඹ ගසක ගෙළ වැළාගෙන දැරිය සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබුනා.

කෙසේ වෙතත් ඇයගේ සොහොයුරා විසින් සිදුවීම දැක ඇයව මුදාගෙන හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙසින් හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

සිය දිවි නසා ගැනීමට පෙර ඇය විසින් ලියන ලද ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.

එම ලිපියේ මෙලෙස සඳහන් වේ.

“ මම හිටියේ හොඳින් ඉගෙනගෙන ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වන්න. මට ඒ හීනේ නැතිවුණා. මම මගේ පවුලේ ඔක්කොටොමත් මගේ නෑදෑයින්ටත් ආදරෙයි. මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ. මට ගොඩක් දුකයි. මට මගේ පවුලේ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.“

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button