පළකල දිනය : Sun, Jan 21st, 2018

“අපෝ කාලෙන් කාලෙට පෙම්වතුන් එනවා යනවා”

සිනමාවෙන් සහ පුංචි තිරයෙන් අප හමුවට පැමිණි තාරුකා වන්නිආරච්චි නව පරපුරේ රංගන ශිල්පිණිය රසික සිත් දිනාගත් කලා ශිල්පිණියක්.

මෙවර සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වූ තාරුකා , සිය කලා දිවියේ සහ පුද්ගලික තොරතුරු රැසක් හෙළිකර තිබුණා.

එම සංවාදය පහතින්

ඉතිං කොහොමද ?

හොඳයි. වරදක්‌ නැහැ. වැඩ කරගෙන පාඩුවෙ ඉන්නවා ඉතිං.

මේ දවස්‌වල රූපගත කිරීම් වැඩ කොහොමද ?

මේ දවස්‌වලනන් කැලෑ හඳ ටෙලිනාට්‍යයේ ෂූටිං තියෙනවා. ඒ වැඩවලට යනවා. ඒක තමයි මේ දවස්‌වල කරගෙන යන්නේ.

ඒ ගැන සඳහනක්‌ කළොත්?

කැලෑ හඳ චිත්‍රපටය තමයි ටෙලි නිර්මාණයකට නිර්මාණය වෙන්නේ. දයාරත්න රටගෙදර මහත්මයගෙ අතින් තමයි අධ්‍යක්‌ෂණය වෙන්නේ.

ඒ චරිතය කොයි වගේ චරිතයක්‌ ද කියල ඇහුවොත්?

මගේ චරිතය මාලනී කියන චරිතය. ගමේ හැදිලා නගරයට ගිහින්, පස්‌සෙ සැමියා දාල ගිහින්, ඊට පස්‌සෙ ඉන්දියාවට ගිහින් විෂ්ණු බායි විදියට නර්තන ශිල්පිනියක්‌ වෙලා ලංකාවට එනවා. ඒ ඇවිත් පහුගිය දේවල් මතක්‌ කරනවා. චිත්‍රපටයේ මාලනීට ඉන්නෙ රුක්‌මනී දේවි. ඒකත් මට ලොකු ආඩම්බරයක්‌.

තෝරගන්න චරිත එකම රාමුවකට කොටුවෙලා කියල තරුකාට හිතෙන්නෙ නැද්ද?

ඔව් මං හිතන්නෙ මගේ පෙනුමත් එක්‌ක ඒ වගේ චරිත මට ලැබෙනවා ඇති. හැබැයි මං කැමතියි ඒ වගේ චරිතවලට. පිටපත් ලියවෙන්නෙත් ඒ වගේ ඒව නිසා ඒ චරිතවලට මම කැමතියි.

චරිතාංග රංගන ශිල්පිනියක ඒ විදියට රාමුවකට කොටුවෙන එක හරිද?

මට චරිත කරන්න බැරි කමක්‌ නෙවෙයි. ලැබුණොත් ඕනෑම චරිතයක්‌ කරන්න මම සූදානම්. හැබැයි තාරුකා වන්නිආරච්චි කියන චරිතෙට හානියක්‌ නොවෙන ඕනම චරිතයක්‌….

චරිත තෝරාගැනීමේදී සීමාවන් ගැන හිතනවද?

නැහැ එහෙම ලොකුවට බලන්නෙ නැහැ. චරිතෙට හානියක්‌ වෙන්නෙ නැති දෙයක්‌නම් කරනවා. අපිට කලින් පිටපත ලැබෙන නිසා පොඩි සැලකිල්ලක්‌ තියෙනවා කරපු වගේ චරිතම නොකර ඉන්න සහ සීනිබෝල චරිත නොකර ඉන්න. එහෙම තමයි ඉතිං. හැබැයි මට ලැබෙන චරිතත් කිසියම් දෙයක්‌ කරන්න තියෙන චරිත. ඒක නිසා ගැටලුවක්‌ නැහැ.

මෙතෙක්‌ කරපු චරිත වලින් අදටත් මිනිස්‌සු කතාකරන චරිතය මතකද?

මගේ මුල්කාලේ කරපු චරිත ගැන අදටත් මිනිස්‌සු කතාවෙනව කියන්නෙ මිනිස්‌සුන්ට ඒ චරිත මතකයි කියන එක. එහෙම චරිතයක්‌ ගැන කිව්වොත් මිනිස්‌සුන්ට අදටත් මතක හෝපළු අරණේ සුද්දිගේ චරිතය. මිනිස්‌සු අතරෙ අදටත් ඒ චරිතය තියනව කියන්නෙ මම ලබපු ලොකුම භාග්‍යයක්‌.

සිනමාව අත්හැරලද තියෙන්නෙ?

සිනමාවට යන්නෙ නෑ කියල නැහැ. දැනට චිත්‍රපට දෙකකට සහභාගි වුණා. ප්‍රධාන චරිත නොවුණත් ඒ චරිත මිනිස්‌සු අතරට ගියා. අලුත්ම චිත්‍රපටයක්‌ එනවා ‘ටවුමෙ ඉස්‌කෝලෙ’ කියලා. රීලෝඩ් සහ නෙලා කියන චිත්‍රපට දෙකත් ළඟදීම එන්න සූදානම්.

ගෙවුණු අවුරුද්ද ගැන මොකද හිතන්නෙ?

ගොඩාක්‌ සාර්ථක අවුරුද්දක්‌. මගේ හිතින් මං ආසම කරන අවුරුද්දක්‌. ගොඩක්‌ දේවල් ලැබුණු සහ නොලැබුණු අවුරුද්දක්‌. සෑහීමකට පත්වෙනවා 2017 ගැන.

පෙම්වතත් ඒ ලැබුණු දේවල් වලින් එකක්‌ද?

අපෝ නැහැ. කාලෙන් කාලෙට එනවා යනවා. එහෙම දේවල් තිබුණා. හැබැයි 2018 අවුරුද්ද විවාහය ගැන ස්‌ථිර අදසකට ආවනම් හොඳයි කියල හිතෙනවා.

නව අවුරුද්දේ මොනවද සැලසුම්?

එහෙම හදාගත්ත ලොකු සැලසුම් නැහැ. 2017 අවුරුද්දට වඩා 2018 සාර්ථක කරගන්න තමයි හිතන් ඉන්නේ.

ප්‍රේක්‌ෂකයට නව වසරෙ මොනවද කියන්න තියෙන්නෙ?

ලැබුවා වූ නත්තල සහ ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලුම ලංකාවාසීන්ට සුබම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

එයට අවශ්‍යය කායික මානසික ශාක්‌තිය ඔවුන්ට ලැබේවා. ඒ වගේම නිර්මාණ බලන සහ පාර තොටේදී දැක්‌කම දුවල ඇවිල්ල කතකරන හැමකෙනාටම ගොඩාක්‌ ආදරෙයි.

ඔවුන් හැමදාම සතුටින් ඉන්න ඕන කියල තමයි කියන්න තියෙන්නේ. ආදරෙයි හැමෝටම.

  • 1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button