පළකල දිනය : Sun, Jan 21st, 2018

අණ නොතකා ගිය යතුරු පැදිකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට ! (Video)

කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ය.

ඉන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි කතරගම, නාගහවීදිය පදිංචිකරුවෙකි.

ඔහුගේ සිරුර මේ වනවිට කතරගම රෝහලේ තැන්පත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වනවිට කතරගම ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බව පොලීසිය සඳහන් කළේය.

  • 719
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button