පළකල දිනය : Mon, Jan 22nd, 2018

දණ ගැසූ විදුහල්පතිනිය ගස් යන හැඩ ! (Video)

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන පාසැල් ගුරුවරියට මානසික පීඩාවන් දැඩි ලෙස ඇති කිරීමේ අසාධාරණ පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වඩිවෙල් සුරේෂ් පවසයි.

අදාල විදුහල්පතිනිය ඊයේ (21) දිනයේ බදුල්ල පොලීසියට කැදවා නැවත වතාවක් මහ ඇමති නිල නිවසටත් ඉන් පසු බදුල්ල මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙක් වෙතත් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ බවට සැක මතුවන බව මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඊයේ දිනයේ බදුල්ල පොලීසිය ඉදිරියේත් මහ ඇමති නල නිවස ඉදිරියේදීන් මන්ත‍්‍රිවරයා ඇතුළු පිරිසක් දැඩි විරෝධතාවයක් එල්ල කලහ.

ඔවුන් කියා සිටින්නේ ඉතා අසාධාරන හා පක්‍ෂග‍්‍රාහී ආකාරයට සිදුවන මෙම පරීක්‍ෂණයෙන් විදුහල්පතිනියට දැඩි මානසික පීඩාවක් ඇති කරවන බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button