පළකල දිනය : Mon, Jan 22nd, 2018

එජාප ගෝලයෝ අවු. 14ක පාසල් සිසුවිය සමූහ දූෂණය කල හැටි ටිල්වින් කියයි !

තිස්සමහරාම ප්‍රදේශයේදී වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් තරුණයන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීම පසුගිය දිනවල කතාබහට ලක් විය.

මෙලෙස දූෂණයට ලක්වූ සිසුවිය පසුව සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ අතර , ඇයව මුදවා ගෙන රෝහල් ගත කරත් ඇයගේ දිවි බේරා ගැනීමට නොහැකි වුනා.

කෙසේ වෙතත් මෙලෙසින් මෙම පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක් කර තිබෙන්නේ මෙවර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ක්‍රියාකාරී ලෙස සහභාගී වෙමින් පක්ෂ කාර්යාලයකට වී සිටි පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

පසුගිය දින සෙවණගල, සමඟිපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමක් ඇමතු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ ” තිස්සමහරාම ප්‍රදේශයේ පසුගිය දිනක අවුරුදු 14ක පාසල් දැරියකට අතවර කරලා තියෙන්නේ එ.ජා.ප. කාර්යාලයක සූර්වෙලා සිටිය පිරිසක්” බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මෙලෙසින් අදහස් දක්වා තිබුණා.

” මේ අය ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලගෙන යන්නේ ජනතාවට වැඩ කරන්න නොවේ, හොරකම් කරන්න, නීති විරෝධී වැඩ කරන්න ලයිසන් එකක් වශයෙන් මන්ත්‍රි ධුරය පාවිච්චි කරන්න හිතාගෙන.

මැතිවරණ කොමසාරිස්තුමාම කිව්වා ඡන්දය ඉල්ලීමට සුදුසු නැති අය 80ක් පමණ මෙම මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වුණා.

ඇතැම් අපේක්‍ෂකයන් කසිප්පු, ගංජා සමඟ මෙන්ම ලී ජාවාරම් කරද්දී පොලිසියට අසුවෙලා තියෙනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ දැරිය අතවරයට ලක් කරලා තියෙන්නේ එ.ජා.ප. ආධාරකරුවන්. දැන් එම කාර්යාලයත් වහලා. මේ වගේ සහගහන අපරාධකරුවන්ද ප්‍රාදේශීය සභාවල බලයට පත් කරන්න කියලා ජනාධිපතිතුමා, අගමැතිතුමා කියන්නේ “

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button