පළකල දිනය : Sat, Jan 27th, 2018

දින කිහිපයේදී බැදුම්කර ඇලෝසියස් අත්අඩංගුවට ?

මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලේ යයි සෘජුව චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීම් හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිත යයි ආණ්ඩුවට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග උපුටා දක්වමින් මේ බව වාර්තා කර තිබේ.

නීතිපතිවරයා විසින් මේ වන විටත් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳව බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව රජයට වී ඇති අලාභයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ලෙසද උපදෙස් දී ඇති බවද දැක්වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button