කොටින්ට ගෙළ සිඳීම පෙන්වූ රණවිරුවා වෙනුවෙන් බුකිය කැළඹුනු හැටි (Photos)
ආක්‍රමණශීලි ලෙස හැසිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ ඉහළ හමුදා නිළධාරියා සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිවී තිබේ.
පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේ එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් තනාපති කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි අතර, ඒ මොහොතේ එතැනට පැමිණි අදාළ නිළාධාරිවරයා උද්ඝෝෂණකරුවන් වෙත සිංහ කොඩිය පෙන්වා, ගෙල සිඳින අයුරු පෙන්වමින් යම් අභිනයක් කර තිබුණි.
පසුව එම අවස්ථාවේ වීඩියෝ පට අන්තර්ජාලය හරහා සීඝ්‍ර ලෙස හුවමාරු වූ අතර, බ්‍රිතාන්‍ය මන්ත්‍රී පිරිසක් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබුණි.
අදාළ නිළධාරිවරයාගේ වැඩ තහනම් කිරීමට මේ වන විට කටයුතු කර ඇති අතර, මේ සම්න්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවද කඩිනම් පරීක්ෂණ ආරම්භ කරන බව වාර්තාවෙයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජ ජාලා වල වඩාත් අවධානයට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත.
මේ ඒ සම්න්ධයෙන් මුහුණුපොතේ පළවූ නිර්මාණ කිහිපයකි.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න