පළකල දිනය : Thu, Feb 8th, 2018

මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ වේගපන්දු උපදේශක තනතුරට !

IPL ඉතිහාසයේ හොඳම වේගපන්දු යවන්නා මෙන්ම ලෝකයේ මේ වන විට සිටින හොඳම වේගපන්දු යවන්නන් අතරින් ඉහළින්ම සිටින ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ වේගපන්දු උපදේශකවරයා ලෙසින් තෝරාපත් කරගෙන තිබෙනවා.

මේ පිළිබඳව වන ගිවිසුම පසුගියදා කොළඹ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී අත්සන් තැබුණු අතර ඒ අනුව 2018 වසරේ සිට මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා නොකළත් එම කණ්ඩායමට එක්වන වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයා ලෙසින් කටයුතු කරනු ඇති.

මේ වන විට ලසිත් මාලිංග හට ශ්‍රී ලංකා පිලේ හිමිවන්නට තිබූ ස්ථානය අහිමි කර සංචිතයෙන් ඉවත් කර තිබියදී ඉන්දියාවෙන් මෙවන් අවස්ථාවක් හිමිවීම පිළිබඳව බොහෝ දෙනෙකු සතුට පළ කර තිබෙනවා.

එමෙන්ම ලසිත් මාලිංග පසුගියදා පැවති IPL වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයෙක් බවට පත්වුණු අතර ඊට පසුව බොහෝ දෙනෙකු පවසා සිටියේ මාලිංගගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලයට ඔහු පැමිණ ඇති බවයි.

ඔවුන්ගේ අපහාස උපහාසයන්ට කදිම පිළිතුරක් ලබාදීමට මෙම නවමු තනතුරෙන් ලසිත් මාලිංග හට හැකිවනු ඇති බව ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසයයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button