පළකල දිනය : Sun, Feb 11th, 2018

මහින්ද උදෑසනම තැබූ ෆේස්බුක් සටහනට ප‍්‍රතිචාර වැස්සක් වහී !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් ඇති අති දැවැන්ත ජයග‍්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති ඒ සදහා අති මහත් ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින් බලන්න.

ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇත.

මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි.

මෙම විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්‍රහණය සමරන්න.

The people of Sri Lanka have risen as one and have spoken.

This Election victory is a clear indication to the government that Sri Lankans are fed up with inaction and want to rebuild Sri Lanka.

While celebrating this victory lets remember to do so peacefully.

Thank you!

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button