පළකල දිනය : Wed, Feb 14th, 2018

සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ. කොළඹ කොටස් කඩා වැටේ. රුපියල පිරිහේ.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පාර්ශවය ලද පරාජයෙන් පසු කොළඹ කොටස් වෙළදපල දැඩි පසුබෑමකට ලක්ව ඇත.

රුපියලේ අගයද වේගයෙන් පිරිහෙමින් ඇති බවක් පෙන්නුම් කරමින් ඇති බව මුල්‍ය වෙළදපල විශ්ලේෂකයෝ කියති.

මෙම තත්වය මතුව තිබෙන්නේ විදේශ අයෝජකයන් විසින් රජයේ සුරැකුම්පත් විකුණා දමා රටින් පිටව යාමට දැඩි උනන්දුවකින් කටයුතු කිරීම හේතුවෙනි.

මේ තත්වය මත රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ආනයන වියදම් සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ජීවන වියදම, උද්ධමනය, පොලී අනුපාතද ඉහල ගොස් ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවද විචාරක මතයයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button