පළකල දිනය : Sun, Feb 18th, 2018

විවාහයෙන් පස්සේ කෝලිගේ මාමණ්ඩි කොලිට දුන්න පුදුම හිතෙන තෑග්ග (Photos)

ක්‍රිකට් ගැන කතා කරන, ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙක්ම කතාකරන ක්‍රිකට් තරුවක් තමයි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි කියන්නේ.

පසුගිය දිනවල ඔහු ගැන වැඩි ලෙස කතාබහට ලක්වුණේ අනුෂ්කා සහ විරාත් කෝලිගේ විවාහය හේතුවෙන්.

මේ නව යුවළ ගැන තවත් කතාවක් මේ දිනවල වාර්තා වනවා. ඒ කෝලිගේ මාමණ්ඩිවන විශ්‍රාමික කර්නල් අජේ කුමාර් ශර්මාගෙන් ලැබුණු අපූරු තෑග්ගක් හේතුවෙන්.

පසුගිය දවසක අනුෂ්කාගේ දෙමාපියන් සම්මානීය පද රචකයෙකු වන මනෝජ් මුන්ටාශිර්ගේ ආදරණීය කවි සංකල්පනා ඇතුළත් “තේජස්වානි දිව්‍යා” අලුත්ම පොත දොරට වැඩීමේ අවස්ථාවට සහභාගී වුනා.

එම අවස්ථාවේදි කර්නල් අජේ විසින් එහි අලුත්ම කෘතියක් කතුවරයාගේ අත්සනින් යුතුව තම සුපිරි බෑනා වන විරාත් කෝලි හට තෑග්ගක් ලෙස ලබාදී තිබෙනවා.

මෙවැනි කවි පොතක් මිලදී ගෙන කොලිට තෑගී කිරීමට හේතුව වී ඇත්තේ තම දියණියත් බෑණත් කවිවලට ඉතා ප්‍රිය කරන බැවින්.

ගිය වසරේ දෙසැම්බර් 11 වනදා යුග දිවියට පිවිසුණු අනුෂ්කා සහ විරාත් කෝලි මීට පෙරද අවස්ථා කිහිපයකදීම පොත් දොරට වැඩීමේ උත්සව සඳහා සහභාගී වනවා දැකගත හැකි වුනා. ඒ පොත් පිළිබඳව ඇති උනන්දුව නිසාම විය හැකියි.

විරාත් කෝලි ක්‍රීඩාවත් එක්කම දැඩි ලෙස කාර්යබහුල වුවත්, අනුෂ්කා සමඟ නිරත්තරයෙන්ම කවි පිළිබඳවත් සාහිත්‍යය පිළිබඳවත් උනන්දුවෙන් අධ්‍යනය කරමින් සිටින බව තමයි දෙමාපියන් පවසන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button