පළකල දිනය : Mon, Feb 19th, 2018

පාර්ලිමේන්තුව උණුසුම් ! ආණ්ඩුවට 2/3 අහිමි කරමින් විපක්‍ෂයට යන මන්ත‍්‍රී පිරිස මෙන්න.

පළාත් පාලන මැතිවරණයේ පරාජයෙන් පසු පළමුවරට අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සදහා ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතවරුන්ගේ සහභාගීත්වය විශාල වශයෙන් අඩු වී ඇත.

අද පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේ උණුසුම් තත්වයක් හටගත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වය ගැන විවාදයක් පැවැත්විය යුතු යයි යෝජනා කිරීම නිසාය.

එම යෝජනාවට සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා දැඩි විරෝධය පෑමත් සමග කතානායකනරයා විසින් සභාව කල් දමා පක්‍ෂ නායක හමුවක් කැදවීය.

එම හමුවේදී තිරණය කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉල්ලන ලද විවාදය පස්වරු 04.00ට පැවැත්වීමටය.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සෑදීම සදහා වැඩ කටයුතු කරන ලද ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවට වාර්තා වෙයි.

සුසිල් පේ‍්‍රම්ජයත්න්, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිංලග සුමතිපාල ඇතුළු පිරිසක් මෙසේ විපක්‍ෂයට එක්වනු ඇති බව සදහන්ය.

බොහෝ දුරට ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවට 2/3 බහුතර බලය අහිමි වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බවද සදහන්ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button