පළකල දිනය : Tue, Feb 20th, 2018

රනිල් එක්ක බෑ කියා දිගින් දිගටම කියූ සුසිල් – දයාසිරි අද කරපු දේ මෙන්න !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට දිගින් දිගටම අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ දයාසිරි ජයසේකර අද ( 20)පැවති කැබිනට් රැස්වීමට සහභාගී නොවී ඇති බව වාර්තාවෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් අමාත්‍යවරුන් මෙම කැබිනට් රැස්වීමට සහභාගි වී සිටි බවද වාර්තා වෙයි.

ජාතික ආණ්ඩුව නියොජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් ඉන් ඉවත් වන බව පසුගිය දින කිහිපයේදී රාවයන් පැතිරේමින් පැවතුනා.

කෙසේවෙතත්, එම මන්ත්‍රීවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති එස් . බී දිසානායක මහතා ඊයේ (19) පැවසීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button