පළකල දිනය : Thu, Feb 22nd, 2018

මහින්ද අන්ත පරාද කරන බව කී ඇමති, ආසනයත් පැරදී දිස්ත‍්‍රික්කයත් පරදී !

මහින්ද රාජපක්‍ෂගේ පොහොට්ටු පක්‍ෂය තම ආසනය තුලදී අන්ත පරාජයකට පත් කරන බව කී ආණ්ඩුවේ ඇමතිවරයෙක් මේ වන විට ගමේ පදිංචිය අතහැර කොළඹ නිවසේ දීර්ඝ කාලීන පදිංචියට පැමිණ තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවණයේ එකී ඇමතිවරයාගේ ආසනයේ සියළුම කොට්ශාශ ඔහුගේ පක්‍ෂය පරාජය වූ අතර දිස්ත‍්‍රික්කයද අන්ත පරාජයකට ලක් විය.

දිස්ත‍්‍රික්කයෙන්ම ලැබී ඇති ඡුන්ද සංඛ්‍යාවට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් හෝ ලැබේචැයි සැක සහිතය.

මැතිවණයෙන් පසු අවස්ථා කිහිපයකදී සිය රියදුරා පමණක් යවා අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය කොලඹට ගෙන්වාගෙන ඇත.

නැවතත් දේශපාලනය කිරීමේ අදහසක් නැති බවන් ඇමති තනතුරේ කාලය නිම වූ පසු කිසියම් ව්‍යාපාරයක් ආරම්බ කරන බවත් මොහු තම හිතවතුන් හා පවසන්නේ යයිද දැනගන්නට ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button