පළකල දිනය : Fri, Feb 23rd, 2018

යාපනේ විනිසුරු තවත් ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දෙයි. විදුහල්පති දස වසරක් හිරේ !

නව හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට වරදකරු වූ යාපනයේ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාවිසින් (22) බරපතල වැඩ සහිත දසවසරක සිරදඬුවම් නියම කළේය.

අදාල සිරදඩුවමට අමතරව අගතියට පත් දැරිය හට රුපියල් දස ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩයක්ද නියම කළ අතර අධිකරණයට අදාල වන්දි මුදල සහ දඩ මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් දෙවසරක සිරදඬුවමක් සහ මාසයක සිරදඬුවමක්ද යාපනය මහාධිකරණ විනිසුරු තුමන් විසින් නියෝග කොට සිටියේය.

යාපනය නාරන්තනෙයි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ නව හැවිරිදි දැරියක් පාසලේ විදුහල්පතිවරයා විසින් 2009 නොවැම්බර් 1 වනදා සිට 2010 දෙසැම්බර් 26 තෙක් කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධව කයිට්ස් දිසා අධිකරණයේදී සිදු වූ මූලික නඩු විභාගයේදී ඇප මත මුදා හැර තිබින.

පසුව නීතිපති වරයාගේ උපදෙස් මත එම නඩුව යාපනය මහාධිකරණය මාරුකොට වසරක පමණ කාලයක් බඩුව විභාග වීමෙන් පසුව භෞතික හා විද්‍යානුකූලව සියලු සාක්ෂි වලින් විදුහල්පති වරයා වරදකරු වන බවට ඔප්පුවීමෙන් පසුව අදාල නඩුවේ තීන්දුව ලබාදෙමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button