ශ්‍රී දේවිගේ මරණය සිදු වුණේ හෘදයාබාධයකින් නොවේ

ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවි මියගොස් ඇත්තේ නාන කාමරය තුල සිදුවූ අනතුරකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ඇය හෘදයාබාධයකින් මියගිය බවටයි.

මේ අතර ඇයගේ රුධිරය තුළ ඇල්කොහොල් තිබී ඇති බවටද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ නාන කාමරයේ ජලය පුරවා තිබූ නාන බේසමේ ගිලීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවටයි.

මේ අතර මියගිය බොලිවුඩ් නිළි රැජින ශ්‍රී දේවි ගේ දේහය අද සවස ඉන්දියාවට රැගෙන ඒමට නියමිතයි.

ඒ සඳහා ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්බානි සිය පෞද්ගලික ගුවන් යානයක් ඩුබායි වෙත යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ශ්‍රී දෙවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒමට ප්‍රමාදයට හේතුව ඇයගේ රුධිර පරීක්ෂණ අවසන් වාර්තා නිකුත් වී නොමැති වීම බවයි.

  • 3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button