පළකල දිනය : Sat, Mar 3rd, 2018

ටෙනීගේ නාට්‍යවල රගපාන්න නිළියෝ පොරකන්නෙ ඇයි? (Photos)

කවදත් සිනාව එක්ක හැමෝ අතරටම එන ටෙනිසන් බන්දු එක්ක එකතුවෙලා හිරු මෙගා ස්ටාස් 2 ඉදිරිපත්කරනවනේ. ඔය අතරේ ටෙනී ගේ නාට්‍ය වැඩ ගැනත් අපි කතා කලා.

ටෙනීගේ වෙිදිකා නාට්‍ය පහුගිය අවුරුදු ගානෙම පීක් එකේ දිව්වට දැන්නම් දකින්නවත් නෑ නේද ?
පහුගිය අවුරුදු හත ඇතුලත “සිවන්නා, ධනපාල” වගේම මගේ නාට්‍ය ගණනාවම දිගටම කලා. මේවයින් සිවන්නා ධනපාල වගේම “අයිම් ශ්‍රී ලංකා” නාට්‍ය දෙක තාවකාලිකව නතර කලා.

මොකක්ද හේතුව
එක දිගටම එක සෙට් එකක් එක්ක වැඩ කරත්දි වෙනසකට වගේ නතරකලා.⁣අපි හැමෝටම සතුට දෙන්න ඔිනැ තමා.ඒත් පාලනය කරන විදියත් දැනගන්න ඔිනා.

එතකොට වැඩ භාර ගත්ත ඒවා
සමහර අයට මම බෑ කිව්වම ෂෝ පෙන්වන්න කීවා.එහෙම ඒවට පෙබරවාරි වෙනකන් කරනවා.අලුත් බුකින් ගන්නෙ නෑ.

ටෙනිසන් අයියගේ නාට්‍යයේ ප්‍රධාන නිලි චරිතයට පොර කනව නේද?
මගේ නාට්‍යවල නිලියක් වෙන්න ගොඩක් නිලියො ආසාවෙන් ඉන්නවා.සමහර අය උත්සව අවස්ථාවකදි වුනත් එයාලා අහන්නෙ ඒක.

ගොඩක් අය ටෙනිසන්ගෙ නාට්‍ය කසිකබල් ගණයට දැම්මත් හෝල් එක උතුරන්න සෙනග එන රහස මොකක්ද?
“මගේ අයිම් ශ්‍රී ලංකා” නාට්‍යයේ කතා කරන්නෙ නරකට ඇබ්බැහි වෙන එකේ වැරැද්ද ගැන.එතකොට “සිවන්නා ධනපාල” 1911 කතාවක් ඒ කතාවෙ අන්තරගතය විතරක් අරගෙන මම කළේ.ඒ නාට්‍යයත් නවත්වන්න එපා කියල. ⁣

ඉස්සර විකට රංගන ශිල්පීන් හිගයිනෙ.අද හැමෝම වැඩේට බැහැල
මායි රන්ජනුයි පහුගිය දවසක තරගයක් විනිශ්චය කරන්න ගියා.හිනාගස්සන එක ගොඩක් අමාරු දෙයක්.මම නම් සල්ලි ගොඩක් දුන්නට සිනහව පාවලා දෙන කෙනෙක් නෙවෙයි.මම නම් කියන්නෙ කරන්න හොද දෙයක්.ඉතින් එතකොට පුළුවන් හොද දක්ෂ විදියට ක්ෂේත්‍රයේ රැදෙන්න.මම මගෙන් අහන හැමෝටම කියන්නෙ මෙහෙමයි.විකට රංගන ශිල්පිය කියනනේ අමාරුම දේ.

කාලයක් ඔය විදියට දක්ෂව වැඩ පෙන්නුවෙ බන්දු ටෙනී
ඔව් බංදු සමරසිංහ යි මමයි දෙන්නම එකතුවෙලා කාලයක්ම සිනමාවේ ගොඩක් වැඩ කලා.ඒ අතරේ සිනමාව ඇතුලෙ අපි දෙන්නගෙ නම නොකියවෙන තරම්.එතනදි රෝයිද සිල්වා මහත්මයත් මතක් කලයුතුම චරිතක්.රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ චිත්‍රපටි පවා චිත්‍රපටි ආදායම්වාර්තා තිබ්බා.

හැබැයි බන්දු ටෙනී වෙන්වෙලා ගියාට පස්සෙ තනි තනි චිත්‍රපටි වලින් අපි කා

ලෙකට පස්සෙ දකිත්දි අර ප්‍රවනතාවය ගිලිහිලා තිබුනනේද?
හැම නාලිකාවකම මගෙයි බන්දුගෙයි ෆිල්ම් පෙන්වනවා.හැමදාම වගේ අපි ඉන්නෙ.ඉතින් දැන් වෙත්දි අපි ලොකු ප්‍රචාරණය දුන්නට ම චිත්‍රපටි ජනප්‍රිය වෙන්නෙ නෑ.පොඩි වැඩක් උනත් මිනිස්සු අතරට යන්න පුළුවන්.සමහර චිත්‍රපටි හෝල් එකට ආවහම දන්නෙ එහෙම චිත්‍රපටයක් තියෙනව කියල.

චිත්‍රපටිවලට ආදේශ කරන දේවල් චිත්‍රපටිකලාව වසාගත්ත එකත් එක්තරා විදියක ප්‍රශ්නයක් නේද?
ඇත්තටම ඔව් .දැන් චිත්‍රපටි වෙනුවට ඩී.වී.ඩී චිත්‍රපටි ආවා.ඒත් ඩී.වී.ඩී චිත්‍රපටයකින් අර සිනමාවේ රසය ලැබෙන්නෙ නෑ.මමත් ඒ වගේ චිත්‍රපටි කිහිපයක්ම කලා.

සමහර ඩී.වී.ඩී වල කවර වල ඉන්නව විතරයි නේද?
එක කරන්නෙ ඩී.වීඩී ෆිල්ම් කරන අය ඒවා විකුණගන්න.මම ඒවට විරුද්ධයි.මම ම ඒවා කරන්න ගත්තෙත් එ්කයි.තව සමහර අය ඩී.වීඩී වලට කියල ෂුට් කරල අඩු ගානක් දීලා ඒක හොල් වල පෙන්වන්න ගෙනියනව.මම ඒ වැඩ වලට කැමති නෑ.

ළගදි අලුත් ෆිල්ම් එකක් කරනවද ?
මගෙ එහෙම අදහසක් තියෙනව.අපි බලමු ඒ ගැන ඉස්සරහට.

– නදීෂ නිර්මාණ හේරත්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button