පළකල දිනය : Wed, Mar 7th, 2018

ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල – පොලිසිය අහසට වෙඩි තබයි !

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊයේ රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය.

පොලිසිය අහසට වෙඩි තබද්දී පිරිස පලා ගිය බව කී පොලිස් නිලධාරියා තුවාලකරුවන් සිටීද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය.

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.

තරිඳු ජයවර්ධන – ලංකාදීප

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button