පළකල දිනය : Fri, Mar 9th, 2018

කොහොමද පළාත් සභා මන්ත්‍රීගේ ගෑනිගෙ වස.. (Video)

දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ, තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් සිදුවීමක් නිසා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තලංගම පොලිස් විමර්ශණ ඒකකය සිද්ධිය පිළිබඳ විමර්ශණය මෙහෙයවයි.

ගිනි අවියක් ද අතැතිව මෙම කාන්තාව සහ පළාත් සභා මන්ත්‍රීවරයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.

එම වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button