පළකල දිනය : Sat, Mar 10th, 2018

ජාතීන් අතර වෛරී ප්‍රකාශ ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට !

ජාතීන් අතර වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු වෙනවා.

මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා කියා සිටියේ.

මේ අතර,මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button