පළකල දිනය : Sat, Mar 10th, 2018

මහසෝන් බලකාය හැදු කැබිනට් ඇමතිගේ රෙදි ගැලවේ. සියල්ල හෙලිවෙයි !

මෑතකදී මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලකෝලාහල සම්බන්ධයෙන් ප‍්‍රධාන වගතිව යුතු පාර්ශවය ලෙස හදුනාගෙන ඇති ‘මහසෝන් බළකාය’ නම් සංවිධානයට ආධාර උපකාර ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ බව රාජ්‍ය බුද්ධි අංශ මඟින් තොරතුරු තමනට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම කැබිනට් ඇමතිවරයා මහසොහොන් බලකායේ ප‍්‍රධානී බළකායේ අමිත් වීරසිංහට උපදෙස් දී ඇතැයිද ඔහු සමග සමීපව පුද්ගලයා කටයුතු කර ඇතැයිද සංවිධානයට ‘මහසෝන් බළකාය’ නම යොදා ඇත්තේද මෙම ඇමති විසින් බව නානායක්කාර මහතා කියා සිටී.

ඉදිරියේදී තමන් මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සමගින් මෙම ඇමතිගේ නමද රටට හෙළිකිරීමට සූදානම් බවද වැඩි දුරටත් කීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා පැවසුවේ මෙම ගැටුම ඇවිලවූයේ කොලඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ ජාතික ඇදුම අදින හීන්දෑරි උස හාදයෙක් බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button