පළකල දිනය : Sun, Mar 11th, 2018

පිට පිට තුන්වන වරටත් “වසරේ රේඩියෝ නිවේදකයා” සම්මානය අරවින්ද සියතට ගනියි (Photos)

කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී “2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල” 09වනදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ “ජනප්‍රියම රේඩියෝ නිවේදකයා” ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට තුන්වන වරටත් “වසරේ රේඩියෝ නිවේදකයා” ලෙසින් ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

අරවින්ද 2016 සහ 2017 වසර වලදීද මෙම සම්මානයේ අයිතිකරුවා වුනා.

වසර 18 ක් හිරු FM නාලිකාවේ Morning show ඉදිරිපත් කළ DJ අරා සහ පැස්බරා පසුගිය වසරේ ඉන් ඉවත්ව සියත FM හා සම්බන්ධ වීම ගැන කවුරුත් දන්නවා.

ඒ අනුව 2017 වසරේ පෙබරවාරි 9 වෙනිදා සිට ඔවුන් දෙදෙනා සියත FM Morning Show ඉදිරිපත් කරේ “අරවින්ද සහ ආශ්චර්යා” යන නාමයෙන්.

“සීනි කොහේ තිබුණත් කූඹි වහනවා” යනුවෙන් නිතරම මිමිණු අරවින්ද සියතේ සිට ඉදිරිපත් කළ පළමු වැඩසටහනෙන්ම යළිත් තමන්ට ආදරේ කළ ශ්‍රාවකයන් සියතට ගන්නට සමත් වුනා.

ඒ බව YouTube වෙබ් අඩවියට මුදා හල ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් වල හඬ පට වලට ලැබෙන අති විශාල ශ්‍රාවක ප්‍රතිචාර වලින් මොනවාට සනාථ වනවා.

ඒ අතර අවස්ථා 6කදී අරවින්ද සහ ආශ්චර්යාගේ වැඩසටහන් වල හඬපට ලංකාවේ YouTube තුළ Trending වෙන්නත් සමත් වීමත් විශේෂත්වයක්.

ඒ වගේම 2016, 2017 දී අරවින්ද ලොකුගේ හිරු නාලිකාවේ සිට ලබා ගත් “වසරේ රේඩියෝ නිවේදකයා”ට හිමි ජනතා සම්මානය 2018 දී සියත FM සිට යලිත් සියතට ගැනීමෙන්ද මෙරට රේඩියෝ ශ්‍රාවකයාගේ හදවතේ ඔහුට කොපමණ අගයක්, ඉඩක් ලැබී තිබේද යන්න තහවුරු කරන්නට සමත් වුනා.

අපිත් අරවින්දගේ ඉදිරි ගමනට සුභපැතුම් එක්කරමු !

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button