පළකල දිනය : Thu, Mar 15th, 2018

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තවත් ජයග්‍රාහී කඩයිමක් පසු කරයි !

ලොව පුරා අවධානය දිනා ගත්තු ක්‍රිකට් තරුවක් තමයි සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කියන්නේ.

දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ කඩුලු 1000 සීමාව පසු කර යන්නට ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍යය වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ(14) සමත්ව තිබෙනවා.

ඒ දේශීය එක්දින පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ එන්.සී.සී. හා කොළඹ ක්‍රිකට් කණ්ඩායම අතර පවතී තරඟාවලියේදී එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් කඩුලු 04 ක් ලබා ගැනීමත් සමඟ. මෙම තරඟය ආරම්භ විමට පෙර මාලිංග විසින් ලීස්ට් ඒ තරඟ, පළමු පෙළ තරඟ හා විස්සයි විස්ස තරඟාවලි තුළදී දවාගැනීමට සමත්ව තිබෙන කඩුලු සංඛ්‍යාව 998ක්.

ඊයේ(14) දවාගත් කඩුලු 4 ත් සමඟින් එම සංඛ්‍යාව 1002 දක්වා ඉහළ ගියා.

මේ මාලිංග විසින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව ,

පළමු පෙළ තරඟ 257

ලීස්ට් ඒ තරඟ 397

විස්සයි විස්ස තරඟ 348

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button