පළකල දිනය : Fri, Mar 16th, 2018

කාශ්මීර් ගෑණු ළමයින්ට රග්බි පුරුදු කරන්න නාමල් කැමති වෙයි..! (VIDEO)

කාශ්මීර් ප්‍රාන්ත කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ගැනීමට ප්‍රාන්ත ක්‍රීඩා බළධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ සම්බන්ධයන් කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රීඩා බලධාරීන් නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ  අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තමන් සුදානම් බවයි.

නාමල් රාජපක්ෂ  ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන අතර ඔහු මේ සම්බන්ධයෙන් ‘‘ද හින්දු‘‘ පුවත්පතට අදහස් දක්වා තිබුනා.

මේ සම්බන්ධයෙන් සිය ටිව්ටර් ගිණුමේ තැබූ සටහනකට ජම්මු කාශ්මීර මහ ඇමතිනිය ප්‍රතිචාර දක්වමින් සිය ස්තුතියද පළකර තිබීම විශේෂත්වයක්.

එළඹෙන  මැයි මාසයේදී නාමල් රජපක්ෂ සිය පුහුණුකරුවන් සමග ජම්මු කාශ්මීර් ප්‍රාන්තය බලා යාමට නියමිතව තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button