පළකල දිනය : Wed, Mar 21st, 2018

මිනිසුන් විසින් තවත් ජීවීන් විශේශයක් මිහිමතින් තුරන් කල වගයි

සිය ජාතියේ මතු පරපුරක් බිහිවීම නවතාලමින් ලොව අවසන් උත්තර ධවල පිරිමි රයිනෝ (20දා) කෙන්යාවේදී මිය ගියේය මෙම පිරිමි සත්ත්වයාගේ දියණිය වන නජින් සහ ඇයගේ දියණිය වන ෆාටු පමණක් මෙම වඳව යන ජාතියෙන් ලොවට ඉතිරි කරමින් දඩයක්කරුවන්ගේ දැඩි තර්ජනයකට ලක්ව සිටි රයිනෝ මිය ගියේය.

ලොව විශාල අවධානයක් දිනාගත් තම ජාතියේ වඳවී යාම වෙනුවෙන් සංචාරක සහ අදාළ නිළධාරීන්ගේ ආකර්ෂනය යොමුකරවාගත් තම ජාතියේ නියෝජතියෙකු ලෙසින් මෙම රයිනෝ හැඳින්විය හැකි බව රක්ෂිතයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා පවසයි. විශේෂ ආරක්ෂාවක් විශේෂ ආහාර සැලැස්මක් සමග ආරක්ෂා කළ මෙම සත්ත්වයාගේ නික්ම යෑම බොහෝ දෙනෙකුගේ ශෝකයට හේතුවී ඇත.

ලොව අවසන් උතුරුදිග සුදු රයිනෝ පිරිමි සත්වයා වන ” සුඩාන් ” පසුගිය සඳුදා මියගිය බව කෙන්යාවේ ඕල් පෙජෙටා සංරක්ෂණ මධ්‍යස්ථානය නිළ වශයෙන් දැනුම් දී තිබේ. පසුගිය සති කිහිපය පුරා දකුණු පසු පාදයේ වූ සංකූලාතාවයක් හේතුවෙන් ඔහු රෝගීව සිටි අතර ප්‍රතිකාර හමුවේ යම් සුවතාවයක් පෙන්නුම් කල ද සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඊයේ දින ඔහු මියගොස් තිබේ.

45 වැනි වියේ පසු වූ සුඩාන් 1975 වසරේදි චෙක් ජනපදයේ සත්වෝද්‍යානයක් වෙත ගෙනගිය අතර එහිදී ඔහුට දාව කිසිදු උපතක් සිදු නොවුණි. පසුව 2009 වසරේ දී ” නජින් ” හා ” ෆටු ” යන සුදු රයිනෝ ගැහැණු සතුන් සමගින් නැවතත් කෙන්යාව වෙත ගෙනවිත් අභිජනනය කිරීමට උත්සාහ කරන ලදී.

කෙන්යාවේ ඕල් පෙජෙටා සංරක්ෂණ මධ්‍යස්ථානයේ සන්නද්ධ රැකවල් මැද ජීවත් වූ ” සුඩාන් ” ගේ මියයෑමත් සමග තවත් සත්ව විශේෂයක් මිහිමතින් සමුගෙන තිබේ..1960 දශකයේ වාර්තා වී ඇති සුදු රයිනෝවාවුන් ගණන 2000කට ආසන්න වී ඇති අතර අප්‍රිකා මහද්වීපයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හා ලොව රයිනෝ අං වෙනුවෙන් වූ ඉහළ මිලයත් නිසා 2018 වනවිට සමස්ථ ගහණය 3 කට සීමා වී තිබුණි. සුඩාන් ගේ මියයෑමත් සමග සුදු රයිනෝ ගැහැණු සතුන් දෙදෙනෙකු පමණක් ලොව ඉතිරි වී තිබේ.

සුබ රාත්‍රියක් සුඩාන් Shashikalana Ratwatte

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button