පළකල දිනය : Fri, Mar 23rd, 2018

අම්මලාට සැර දාන මිඩ් වයිෆ්ලාට වැඩ වරදියි !

ශ්‍රී ලංකාවේ ගැබිණි සහ දරුවන් උපන් මවුවරුන්ට පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් විසින් සිදු කරනා සේවය සුලු පටු නොවේ.

එලෙසින් විශාල සේවයක් සිදු කරනා පවුල් සෞඛ්‍ය සේවය තුලද ඇතැම් අකාරුණික පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් කිහිප දෙනෙකු පිළිබදව සිදුවීම් පසුගිය දිනවල වාර්තා වුනා.

මේ පිළිබදව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්‌කු මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

එහිදි ඇය ප්‍රකාශ කර තිබුනේ මව්වරුන්ට අකාරුණික අන්දමින් කතා කරන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සිටිනවා නම් ඒ අය පිළිබඳව දැනුම් දෙන ලෙසය.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඇය ප්‍රකාශ කර තිබුනේ

” අද ඕනෑම ක්‍ෂේත්‍රයක නපුරු චරිත ඉන්නවා. දැන් මේ ක්‍ෂේත්‍රයෙත් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා. සමහර පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ජනතාවට සුහදශීලීව කතා කරන්නේ නැහැ.

ඒ අය නිල ඇඳුමේ පවර් එක පෙන්වමින් කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඒක එච්චර හොඳ දෙයක්‌ නොවෙයි.

ඒක අර හොඳට වැඩ කටයුතු කරන සියයට අනූවක්‌ වන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට කරන අගෞරවයක්‌.

අම්මා කෙනෙක්‌ ආවම ඒ අයගේ මානසිකත්වය දැනගෙන පවුල් සෞඛ්‍ය නිලධාරිනිය කටයුතු කරනවා නම් වටිනවා.

විශේෂයෙන් ඒ මව් රස්‌තියාදු නොකර කඩිනමින් ඇයට තම සේවාව සපයන්න වගබලා ගන්නවා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

එවැනි අකාරුණික පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සිටිනවා නම් ඔවුන් පිළිබදව 0112-580463 හෝ 0112-692743 යන අංකවලට දැනුම් දෙන්න” යනුවෙනි.

  • 7
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button