පළකල දිනය : Sat, Mar 24th, 2018

ජැකලින්ගේ අලුත්ම සරාගී වීඩියෝවට ඉන්දියාවෙන් විවේචන ! (Video)

බොලිවුඩ් තීරය ජයගත් ශ්‍රී ලාංකික රංගන ශිල්පිණි ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන ගීත රූප රචනාවක් ඉන්දීය රසිකයන් අතර මහත් කතාබහට ලක්ව තිබේ.

1980 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් වන “ඒක් දෝ තීන්” ගීතය ජැකලීන් ෆර්නැන්ඩස් යොදාගෙන නැවත නිර්මාණය කර තිබේ.

මධුරි ඩික්සිත්ගේ අපූරු නර්තනයකින් හැඩ වූ ‘ඒක් දෝ තීන්’ ගීතය ප්‍රථමයෙන් එළිදැක්වූයේ 1988 වර්ෂයේදීය. එකළ එය ඉතා ජනප්‍රිය වූ අතර මධුරි ඩික්සිත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවීමට ඇයගේ රංගනය හේතු විය.

එහෙත් ‘ඒක් දෝ තීන් (Ek Do Teen)’ ගීතයේ නව වීඩියෝව බොහෝ දෙනකුගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී.

ගීතයේ නව නිෂ්පාදනය මාර්තු 19 වෙනිදා යූ ටියුබ් හරහා ප්‍රචාරය වුණි. නමුත් මුල් ගීතය සහ නර්තනයට කැමැති රසිකයන් මෙම නව නිෂ්පාදනයට බොහෝ චෝදනා එල්ල කර ඇත. නව නිර්මාණයට අකමැත්ත පළ කිරීමට #ekdoteen නමින් ‘හැෂ්ටැගයක්’ ට්විටර් මාධ්‍ය ජාලය තුළ නිර්මාණය වී ඇත.

මුල් ගීතයේ දැකිය හැකි “විශේෂත්වය” වෙනුවට නව වීඩියෝව තුළින් කාන්තාව ‘භාණ්ඩයක්’ බවට පත් කර ඇති බවට සමහර පුද්ගලයන් මත පළ කර තිබුණි.

ඒක් දෝ තීන් යන හින්දි වචනවල තේරුම “එක, දෙක, තුන” වන අතර, මෙම ගීතයේ සඳහන් වන්නේ කාන්තාවක් ඇයගේ ආදරවන්තයා එන තුරු තත්පර ගනිමින් සිටින ආකාරයයි.

නව රූප රාමු තුළින් සිය කුඩා කාලයේ සුන්දර මතකයන් විකෘති කෙරෙන බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ජැකලින් ෆර්නැන්ඩස් මතු කිරීමට උත්සාහ දරන සරාගීත්වයට වඩා මධුරිගේ සුන්දරත්වය වැඩි බවද ඇතැම් විචාරකයන් මත පළකර තිබුනි.

ගීත රූප රාමු දෙකෙහි ඉදිරිපත් කෙරෙන නර්තන, අතිශයින් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන මධුරි ඩික්සිත් සහ නවක නිළියක වන ජැක්ලින් ෆර්නෑන්ඩස් අතර තරඟයක් ලෙස සමහරු අර්ථ දක්වා ඇත.

1988 එම ගීතය ඇතුළත්ව තිබූ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයා ද නව රූප රාමු පිළිබද තම නොසතුට පළ කර ඇති අතර, එයට එරෙහිව “ක්‍රියාත්මක” වන බවත් ඔහු දන්වා ඇත.

එක් දෝ තීන් නව විඩියෝව පහතින් ,

එක් දෝ තීන් පැරණි ගීතය පහතින් ,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button