පළකල දිනය : Mon, Mar 26th, 2018

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකුගේ මිතුරන් පිරිසක් යකා නටයි !

ශී‍්‍ර ලංකා කණ්ඩයෙමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන ඉකුත් දා කොළඹ 07 පිහිටි කී‍්‍රඩා සමාජයක  ගැටුුමකට මැදි වී ඇති බව වාර්තා වනවා.

සිය මිතුරන් සමග සිටින අවස්ථාවේදී ඔවුන් සහ තවත් පාර්ශ්වයක අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස හා එම පාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

විදේශීය ජාතිකයෙකු මහේල ජයවර්ධනගෙන් සමරු සටහනක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම ගැටුමට මුල පුරා තිබෙනවා.

මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද  තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත් පසුව අදාළ කී‍්‍රඩා සමාජයේ නිලධාරීන් විසින් මෙම ගැටුම පාලනය කිරරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button