පළකල දිනය : Thu, Mar 29th, 2018

A9 ගත් සිසුවා ගමක් හඩවා ජිවිතයෙන් සමුගනී

යාපනය,චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිදුවු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වු කෝනේශ්වරන් ගාරුසන් නමැති සිසුවෙකුට අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ නමයක් ලැබීමේ පුවතක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තාවනවා.

සිසුවාගේ අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබී තිබු අතර, සිසුවාගේ ප්‍රතිඵල වාර්තාව අනුව දරුවාට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ඒ සාමාර්ථ ඇතුළුව විෂයයන් නමය වෙනුවෙන්ම ඒ සාමාර්ථ ලැබී තිබෙනවා.

පොලිසිය පැවසූ‍වේ යාපනය මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17 හැවිරිදි කෝනේශ්වරන් ගාරුසන් නමැති දරුවා යතුරුපැදි අනතුරකින් දෙසැම්බර් 18 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම දරුවා යාපනය සංගතානෙයි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන බවද පොලිසිය පවසනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button