පළකල දිනය : Wed, Apr 4th, 2018

රහතුන් පවා වැඩසිටි ශ්‍රී රාහුල හිමිගේ පෞරාණික පන්සලේ විස්කම් !

ලෝ පතළ වෙහෙර විහාර අතර පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

පහතරට ඇති පැරණිම පූජනීය ස්ථානය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙන මේ විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍ර‍දේශයට ආසන්නව ‍තෙල්වත්ත නම් ග්‍රාමයේ පිහිටා ඇත.

ගාල්ල, කොළඹ මහා මාර්ගයේ ගමන් ගන්නා අයකුට කොළඹ සිට ගමන් ගනිද්දී කහව ප්‍රදේශය පසු කොට කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යනවිට පුරාණ තොටගමු රජමහා වෙහෙර යනුවෙන් සඳහන් පුවරුවක් දකුණු පසින් දකින්නට ලැබේ.

එතැනින් මීටර් 500ක් පමණ නැ‍ඟෙනහිරට පිහිටි මාර්ගයෙන් ගමන්ගත් විට මනරම් වාහල්කඩකින් යුත් ‘තොරගමු වෙහෙර හමුවේ.ටගමු විහාරයේ ආරම්භය, අප රට තුළ සංස්කෘතික මෙන්ම ආකල්පමය හා ආගමික වෙනසක් ඇති කළ අනුරාධපුර යුගය වෙත ඇදී යන්නේය.

එවකට අනුරාධපුර රාජධානියේ මහරජු වූ දෙවන පෑතිස් රජු විසින් යුව රජු වූ නාගසේන ‍සොයුරු වෙත ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය සිදු කිරීමට භාරදුන් පසු නාගසේන යුව රජ විසින් ප්‍රථමයෙන්ම දකුණු පුරවරයේ ස්ථාපිත කළ විහාරය තොටගමු විහාරය තොටගමුව, විහාරය නමින් ඉතිහාස ගත වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button