පළකල දිනය : Wed, Apr 4th, 2018

පිණ්ඩපාතික චාරිකාවට මුස්ලිම් පල්ලියෙන් ගිලන්පස පුජාකළ අපුරුව (Video)

පසුගිය මාර්තු හය වන දින මෙරටට වැඩම කළ තායිලන්ත හිමිවරුන් 70නමගේ සහ මහමෙව්නා අසපුවේ භික්ෂන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කුන්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ සිට ශ්‍රී දළදා මාලිගාව තෙක් ඊයේ (03) සංහිදියාවේ පිණ්ඩපාතික චාරිකාවක නිරතවු බව පවසයි.

මෙම චාරිකාවේ යෙදුනු භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස වෙනුවෙන් මහනුවර තැන්නේකුඹුර මුහද්දී ජුම්මා පල්ලියේදී මුස්ලිම් ප්‍රජාවගේ දායකත්වයෙන් ගිලන්පස පුජාවක්ද සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන මධ්‍ය පාළත් ප්‍රධාන හා සංස්කෘතික අමාත්‍ය හා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සභාපති සරත් ඒකනායක මහතාගේ ආරාධනයෙන් මුස්ලිම් දේවස්ථානයේ සභාපති අබුබක්කර් මලවිතුමා ප්‍රධාන කාරක සභාව විසින් ගිලන් පස පිළිගැන්වීම සිදුවිය.

මෙම අවස්ථාව සඳහා මුස්ලිම් දේවස්ථානයේ පුජක මවුලවිතුමා ඇතුළු මුස්ලිම් ප්‍රජාව හා මහමෙවුනා අසපුවේ දායක සභාවේ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවී තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button