පළකල දිනය : Thu, Apr 5th, 2018

පිළිකා මර්ධනය කරන රුව වඩන ඔබ නොදත් ඔලිව් ගුණ !

ඔලිව් ශාකය ඈත අතීතයේ පටන්ම ලෝකයේ මධ්‍යධරණී වෙරළබඩ ප්‍රදේශවලත්, උතුරුදිග හා දකුණු ගොඩබිම් ප්‍රදේශවලත් ඉතාම සරුවට වැඩුණු ශාකයක්.

ලෝකයේ මුල්ම ඔලිම්පික් උළෙල පැවැත්වු ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ ඔලිම්පික් තරඟ ඉසව් වලින් ජයග්‍රහනය කරන්නන්ට සිහිවටන ලෙස ගිමිවුණේ ඔලිව් කොළවලින් නිර්මාණය කෙරුණු ඔටුන්නක්.

ඒ තරමටම ග්‍රීක හා රෝම මෙන්ම ඉරාන වැසියන් ඔලිව් ශාකය ඉතා වැදගත් ලෙස සලකා තිඛෙනවා.

ඔලිව් මධ්‍යධරණී දේශගුණයේත්, සෞම්‍ය දේශගුණයේත්, කාන්තාර දේශගුණික හා වෙරළබඩ ප්‍රදේශ වලත් හොඳින් වගාකළ හැකි ශාකයක් වීම විශේෂයක්.

ලොව පුරා 2015 වසර වන විට ඔලිව් වගාකල මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 10 ක් පමණ විය. ලොව පුරා එකසේ ඉතාම ජනප්‍රිය පලතුරක් සේ සැලකෙන කෙසෙල් අඹ හා ඇපල් වගාවන් වෙනුවෙන් හෝ මේ තරම් බිම් ප්‍රමාණයක් මේ වන විටත් වගා නොකර තිබීමද විශේෂයක්.

ඔලිව් ශාකයේ ස්වභාවය
ඔලිව් ශාකය සාමාන්‍යයෙන් මීටර් 8 – 15 උසක් දක්වා වැවෙන සදාහරිත ශාකයක්. ඔලිව් ගසේ කඳේ ගැට සහිත ඇඹරීම් දක්නට ලැඛෙන අතර ඉතාමත් සෙමෙන් වැඩෙන ශාකයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

දැඩි වර්ෂාපතනයට, නියඟයට, ගින්නට හා රෝගවලට එක ලෙස ඔරොත්තුදීමේ ශක්තියක් හිමි ඔලිව් ශාකය මීට වසර 4000 කට පමණ පෙරදී සොයාගනු ලැබූ අගනා ප්‍රයෝජනවත් ශාකයකි.

ඔලිව් ශාකයේ ඉතිහාසය
ලෝකයේ පැරණිතම ඔලිව් ගස් දැනට දක්නට ලැඛෙන්නේ ඉතාලියේ සාඩ්නියා ප්‍රදේශයේය.

අදටත් ඉතාලියේ බොහෝ නිවාසවල මිදුලේ එක් ඔලිව් ගසක් හෝ වවා ගැනීමට එරට වැසියන් ඉතාම කැමැත්තක් දක්වනවා. ඔලිව් ශාකයේ ගෙඩි, කොළ මෙන්ම කඳ ද විවිධාකාරයෙන් විවිධ දේ සඳහා ප්‍රයෝජනයට ගැනෙනවා. ඔලිව් පත්‍රය සාමාන්‍යයෙන් දිගැටි හැඩයක් ගන්නා අතර ඒවා රිදීවන් කොළ පැහැයකින් යුක්තයි.

ඔලිව් පත්‍ර සමෘධියේ, කීර්තියේ හා සාමයේ මෙන්ම ජයග්‍රගණයේ සංකේතයක් ලෙස සලකන ඉතාලිය, ඉරානය, ග්‍රීසිය එවැනි රටවල් ඒ අතරින් ප්‍රධානයි.

මුල්ම ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහකයන්ගේ හිසේ ඔලිව් කොළ වලින් තැනූ ඔටුන්නක් පළඳන්නට හේතු වූයේ අතීතයේ විවිධ ක්‍රීඩා තරඟ වලින් දිනූවන්ට මෙන්ම යුධ වීරයන්ට ද ඔලිව් කොළ වලින් නිමවුණ ඔටුන්නක් පැළඳ වූ නිසා බව සඳහන් වෙනවා.

ඔලිව් කොළයේ ඖෂධීය වටිනාකම
ඔලිව් කොළ ඉතාම ගුණදායක ඖෂධ වර්ග නිපදවීම සඳහා යොදා ගන්නවා. ඔලිව් කොළවලින් ලබගන්නා යුෂ ශරීරයේ ප්රතිශක්තිය (රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව) වැඩි කරන අතර මහළු වීම සහ සම රැළි වැටීම පමා කරවන බව අද මුළු ලොවෙහිම ප්රචලිත කරුණක්.

අද ජාත්‍යන්තර වෙළඳපොළේ ඔලිව් කොළ, යුෂ, දියර වශයෙනුත් ඛෙහෙත් කරල් වශයෙනුත් පමණක් නොව ඔලිව් කොළ කුඩු වලට (තේ ආකාරයෙන් බීමට ගනී) පවා අධික ඉල්ලූමක් පැවතීමට හේතුව එහි ඇති මනා ගුණාත්මක බවයි.

එපමණක් නොව ඔලිව් තෙල් හා ඔලිව් කොළ යුෂ මිශ්‍ර කර විවිධ ආලේපන, ක්‍රීම් වර්ග හා සබන් වර්ග පවා නිපදවනවා. ඔලිව් කොළයේ තෙල් වලින් පිසගන්නා කෑම වර්ග ඉතාම රසවත් මෙන්ම ගුණදායක බවත් අද මුළු ලෝකයම දන්නා කරුණක්.

ඔලිව් ගෙඩියේ අගය
ඔලිව් තෙල් ලබාගන්නා තවත් ක්‍රමයක් වන්නේ ඔලිව් ගෙඩිය යන්ත්‍ර මගින් අඹරා එහි ජලය ඉවත්කර ගැනීමයි. ( ඔලිව් ගසේ හටගන්නා මල් ඉතා කුඩා වන අතර ඔලිව් මල් සුදු පැහැතියි.) ඔලිව් ගෙඩිය තනි ඇටයක් වටා ලෙල්ලක් හා මදයක් සහිතව නිර්මාණය වෙනවා. ඔලිව් ගෙඩියක ප්‍රමාණය හොඳින්ම ගැලපෙන්නේ අපේ රටේ සුලභව පවතින වෙරළු ගෙඩියකටයි.

කොළ පැහැයේ සිට දම් පැහැයට හැරෙන විට එය නෙළා ගැනීම සිදුකරනවා. කල්තබා ගත හැකි රසායන දියරවල දමා ඔලිව් ගෙඩි ටින් කිරීම ද ජනප්‍රිය ක්‍රමයක්. ඔලිව්වල අඩංගු රසායනික නිසා ටින් කල ඔලිව් ගෙඩි පැහැයෙන් කළු වුවත් ලූණු දැමීමෙන් පසු ඉතාම රසවත් ආහාරයක්.

ඔලිව් ගෙඩි පදම් කිරීම ඉතාම සංකීර්ණ කාර්යයක් ලෙස සැලකෙනවා. ඔලිව් ගෙඩි පදම් කිරීමට දෙහි යුෂ, විනාකිරි, මිරිස්, වයින්, සුදුළුෑණු හා වෙනත් කුළු බඩු වර්ග කීපයක්ම යොදා ගැනෙනවා. මෙවැනි මිශ්‍රණ වල ගිල්වා තැබීමෙන් මෙන්ම ඉතාම සූක්ෂමව ඔලිව් ගෙඩියේ ඇටය ඉවත් කර එම හිදැසට මෙම මිශ්‍රණය ඇතුළු කිරීමෙන්ද ඔලිව් ගෙඩි රසවත් ආහාරයක් ලෙස සකස් කෙරෙනවා.

මෙම පදම් කිරීමෙන් එහි ගුණයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. ඔලිව් අස්වැන්න නෙලීමේ දී ඉතා පරෙස්සමෙන් අතින් හෝ යන්ත්‍ර මගින් නෙළා ගැනීම සිදුකරනවා. ඒ බිම වැටුණ පසු සිදුවන තැලීම් නිසා ඔලිව් ගෙඩියේ කල්පැවැත්ම අඩුවන නිසයි. ඵල නෙළීමේදී ඔලිව් ගෙඩිය පලූදු නොවන සේ නෙළා ගැනීමත් ඉතා වැදගත්.

ස්වභාවයෙන්ම ඔලිව් ගෙඩි තිත්ත රසයෙන් යුක්තයි. මේ නිසාම ඵල නෙළාගත් විගස ඒවා කෑමට නොහැකියි. ඔලිව් ගෙඩි අඹරා ගැනීමෙන් ලබාගන්නා ඔලිව් තෙල් විවිධ කාණ්ඩ ගත කිරීම් වලට අනුව අපට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ මෙලෙසිනි.

පිරිසිදු ඔලිව් තෙල් – මෙම තෙල් නිශ්පාදනය කරන්නේ රසායනික පිරියම් කිරීමකින් තොරවයි.

ශුද්ධ කළ ඔලිව් තෙල් – රසය ඉවත් කිරීමට පමණක් රසායනිකව පිරියම් කළ ඔලිව් තෙල් මෙලෙස හැඳින්වේ.

ඔලිව් පම්ස් තෙල් – ඔලිව් ඇට අඹරා මිරිකන ලද ඔලිව් රොඩ්ඩේ තවදුරටත් ඇති තෙල් පිරියම් කර ලබාගන්නා ඔලිව් තෙල් මෙලෙස හැඳින්වේ.

ඔලිව් තෙල්වල ඖෂධීය ගුණ
ඈත අතීතයේ ඔලිව් තෙල් ඉතාම ශුද්ධ වස්තුවක් ලෙස පිළිගැනුණු අතර රාජකීය දේවාල වල පහන් දැල්වීමටත් ලෝකයේ සදාකාලික ගිනිදැල්ල සේ සැලකෙන ඔලිම්පික් පහන දැල්වීමටත් යොදාගෙන තිඛෙනවා.

ආහාරවල රසවත් මෙන්ම පෝෂණීය බව රැක ගැනීමටත් විවිධ ආහාර පිසීමේදී අදටත් ඔලිව් තෙල් ලොව පුරාම ගෘහණියන් හා සූපවේදීන් අතර ජනප්‍රියයි. එමෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා ද ඔලිව් තෙල් විශාල වශයෙන් අද ප්‍රයෝජනයට ගැනෙනවා.

සම රැළි වැටීම වළක්වන ආලේපන මෙන්ම ඖෂධ හා සබන් වර්ග නිපදවීමටත් ඔලිව් තෙල් බහුලව යොදාගනු ලබනවා. ඉතාලිය, ග්‍රීසිය වැනි රටවල සම්ප්‍රදායික පහන් දැල්වීමට තවමත් ඔලිව් තෙල් යොදාගන්න බවත් ප්‍රකට කරුණක්.

විශේෂයෙන්ම මධ්‍යධරණී රටවල ආහාර පිසීමේ ප්‍රධාන තෙල් වර්ගය ලෙස භාවිත කරන්නේ ඔලිව් තෙල්. පියයුරු වලත්, ආහාර ජීර්ණ මාර්ගයේත්, පුරස්ථි ග්‍රන්ථියේ මෙන්ම ගර්භාෂයේ හටගන්නා පිළිකා තත්වයන් මෙන්ම හෘද රෝග අවම කිරීමේ ශක්තියක් ඔලිව් තෙල් සතු වීම ඊට හේතුවයි.

සලාද, සුප්, මැල්ලූම් වලට ඔලිව් තෙල් භාවිත කිරීම ඉතාම ගුණදායකයි. නැවුම් ඔලිව් තෙල් ඉතාම රසවත් වන අතර වසරක් පමණ පරණ වූ පසු ඔලිව් තෙල් වල ගුණාත්මක බව ක්ෂය වන බව තහවුරු වී තිඛෙනවා.

එවැනි ඔලිව් තෙල් ගැඹුරු තෙලෙහි යමක් බැදීම සඳහා යොදාගත හැකියි. මුහුණේ හා සිරුරේ ලප කැලැල්, කලූ ලප මැකීමට ඔලිව් තෙල් වලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

මේ වටිනා ලිපිය මිතුරන්ටත් දැනගන්න Share කරමු.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button