පළකල දිනය : Fri, Apr 6th, 2018

පුටින් විතරද ? ලංකාවේ මන්ත්‍රීත් මහ වැස්සේ තෙමි තෙමි ජාතික ගීය කියයි (Video)

සිය රටෙහි ජාතික ගීය , ජාතික කොඩිය ඕනෑම රටක පුරවැසියන් අතිශය ගරු කරනා ජාතික සංකේතයන්.

සිය රටෙහි ජාතික ගීය වාදනය වන විට කුමන ස්ථානයක සිටියත් සිරූවෙන් සිට ඒ සදහා ගෞරව කිරීම සාමාන්‍ය සිරිතයි .

මේ අතර පසුගිය දිනවල රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් වර්ෂාවක් මැද, තෙමෙමින් සිරූවෙන් සිට ජාතික ගීයට ගෞරව කරනා අයුරු අඩංගු වීඩියෝවක් මෙරට සමාජජාලා වලද කතාබහට ලක්වුනා.
එම විඩීයෝවට බොහො දෙනා කියා තිබුනේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් නම් මෙලෙසින් හැසිරේවිද යන්නයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වර්ෂාවට නිරාවරනය වෙමින්, ජාතික ගීය ගායනා කරන අයුරු රැගත් වීඩියෝවක් සමාජජාලා වල කතාබහට ලක්ව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මෙම සිදුවීමට මුහුන දී තිබුනා. ඒ පසුගිය දින පැවති ක්‍රීඩා උත්සවයක සමාරම්භක අවස්තාවේදි,

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button