පළකල දිනය : Fri, Apr 6th, 2018

අගමැති පන්නන්න ආ ශ‍්‍රිලනිප 16ටම එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක් !

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විහ්වාස භංග යෝජනාවට පක්‍ෂ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් සදහන් කලේ හෙට දිනයේ එය කතානායකවරයාට බාර දෙන බවයි.

දැනට එම විශ්වාස භංගයන් සදහා අත්සන් 20ක් පමණ ලැබී ඇති බවත් සෙසු අත්සන් ලබා ගැනීමෙන් පසු එය කතානායකවරයාට බාර දෙන බවද ඔහු සදහන් කරයි.

ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුවට විරුද්ද විශ්වාස භංගයකට සහාය පල කිරීම සම්බන්දයෙන් මෙම පිරිසට විශ්වාස භංග මගින් චෝදනා කරන බවද මන්ත‍්‍රිවරයා පවසයි.

රජයට විරුද්දව ඡන්දය දුන් එම පිරිස ආන්ඩුවෙන් ඉවත්ව යායුතු වුවත් එවැන්නක් ඔවුන්ගේ කතාවන්ගෙන් නොපෙනෙන බවද සදහන් කරන මන්ත‍්‍රීවරයා ආණ්ඩුව තුල සිටිමින් හැමදාම කකුල් මාට්ටු දැම්මේ මෙම පිරිස යයිද ඔහු කියා සිටී.

  • 477
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button