පළකල දිනය : Wed, Apr 18th, 2018

ෆ්ලැශ්බෑක් සංගීතෙට කලින් ස්ටේජ් එක කඩන් වැටුන හැටි (Video)

වේයන්ගොඩ නගරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වීමට තිබු සංගීත ප්‍රසංගයක් හිටි හැටියේම සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් නැවත්වීමට සිදුව තිබෙනවා.

මෙම ප්‍රසංගයේ වාදක කණ්ඩායම ලෙස සහභාගී වීමට නියමිතව තිබුනේ Flash Back – ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමයි.

සංගීත ප්‍රසංගය සදහා සියල්ල සුදානම් කර තිබියදී හිටි හැටියේම වේදිකාවේ වෙනසක් සිදුවන බව සංගීත කණ්ඩායම සහ සංවිධායකින් විසින් වටහාගෙන තිබෙනවා.

පසුව ඉතා ඉක්මණින් එම වේදිකාවෙන් සංගීත කණ්ඩායම බැස යනවාත් සමගම වේදිකාවේ වහලය කඩා වැටෙන අකාරය Flash Back – ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පී නිශාන් අම්බලන්ගොඩගේ ජංගම දුරකතනයේ සටහන් වී තිබුණි.

පසුව රොෂාන් ප්‍රනාන්දු විසින් එම සිදුවීම පිලිබදව කියා සිටියේ එම අනතුරින් සංගීත කණ්ඩායමේ කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීම පිලිබදව දෙවියන්ට ස්තුති වන බවත් දුක සැප දෙකේදීම ඔවුන් සමග රැදී සිටි රසික රසිකාවියන්ටද හදවතින්ම ස්තුති වන බවත් මේ සියල්ල ආරක්ෂා වුයේ රසික රසිකාවියන්ගේ ආශීර්වාදය නිසා බවත් ඔහු කියා තිබෙනවා.

වේදිකාවේ වහලය කඩා වැටෙන අකාරය ජංගම දුරකතනයේ සටහන් වූ අයුරු පහත විඩියොවෙන්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button