පළකල දිනය : Wed, Apr 18th, 2018

බන්ධනාගාර ගතකිරීමට පෙර මන්ත්‍රී මහින්දානන්ද පවුලේ අයත් එක්ක අවුරුදු සැමරුව හැටි (Photos)

පසුගිය දින කිහිපය පුරාම අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණේ හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගැනයි.

ඔහු 2014 වසරේදී කැරම් බෝඩි සහ දාම් බෝඩ් තොගයක් මිළදී ගැනීමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුට ගැනීමත් සමගයි.

අනතුරුව මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර විත්තියේ නීතිඥයින් එහිදී කරුණු දක්වමින් කියා සිටියේ කැරම් හා දාම් බෝඩ් ගෙන්වන ලද සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් බැවින් පොදු දේපළ පනතට නොගැණෙන බවයි.

එම නීතිමය තර්ක පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න රුපියල් 35,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකරුව මුදාහරින ලෙස නියෝග කළා.

කෙසේ වෙතත්, කොළඹ මහා අධිකරණය මගින් විභාග වන වෙනත් නඩුවක් සඳහා මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය එම අධිකරණය භාරයට පත් කර ඇති බවයි එහිදී ඔහුගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ. ඒ අනුව ඇප කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව ඊයේ (17) පෙරවරුවේ ඊට අදාළ වාර්තා මන්ත්‍රීවරයාගේ නීතිඥයින් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු මුදා හරිනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය සතිය පුරාම දේශපාලඥයින් මෙන්ම රටේ ප්‍රසිද්ද පුද්ගලයින් අවුරුදු සැමරූ අයුරු අපට දැකගැනීමට හැකිවුණු.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද සිය පවුලේ සාමාජිකයින් සමග අවුරුදු කෑම මේසය පිළිවෙල කර පසුගිය 14වනදා අවුරුදු චාරිත්‍ර සිදුකළ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සහ ඔවුන් සමග කාලය ගතකරපු ඡායාරූප කිහිපයක් මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා.

මන්ත්‍රීවරයා සිය බිරිඳ සේනානි ජයරත්න සහ පුතා රනිෂ්ක අලුත්ගමගේ සහ දුව දුආශා අලුත්ගමගේ සමග අවුරුදු ගතකල අයුරු පහතින් දැක්වේ.

  • 3.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button