පළකල දිනය : Mon, Apr 23rd, 2018

පිළිකාව සුව කළ හැක්‌කේ ආහාරමය ඖෂධ තුළින්මයි !

පිළිකා රෝගීන්ටත් නිරෝගී කොයි කාටත් දිනපතා ගත හැකි ඉතා ප්‍රබල ගුණයක්‌ සිරුරට ලබාදෙන ඖෂධීය පානයක්‌ තිබෙනවා. එය තමයි ගොටුකොළ සහ කෝමාරිකා මදය සහිත යුෂ පානය.

මෙම පානය දිනපතා උදේ අවදිවී හිස්‌බඩ ගැනීම සහ රාත්‍රී නින්දට පෙර ගැනීම කළ හැකියි.

එක්‌ වරකදී අඬු කොප්ප තුන්කාලක්‌ පමණ පානය කළ යුතුයි.

වෙනත් රෝග මෙන් නොව පිළිකා රෝගය සම්බන්ධව අප තුළ ඇත්තේ දැඩි බියකි. ඊට හේතුවී ඇත්තේ පිළිකා රෝගයක්‌ ඇතිවූ විට ඉතා ඉක්‌මනින් මරණයට පත්වන බවට අප තුළ මතයක්‌ පැවැතීමය.

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය අනුව පිළිකාවක්‌ හඳුනාගන්නේ කෙසේද?

පිළිකා වර්ග විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. එම පිළිකාවෙන් පිළිකාවට මතුවන රෝග ලක්‌ෂණවල වෙනස්‌කම් පවතිනවා. නමුත් පිළිකා රෝගවලදී මතුවන පොදු රෝග ලක්‍ෂණ කිහිපයක්‌ අපට පැවැසිය හැකියි.

පොදුවේ පිළිකා රෝගයකදී දැකිය හැකි රෝග ලක්‌ෂණයක්‌ වනුයේ ශරීරය දුර්වල වීමය. එසේ වන්නේ පිළිකා රෝගයකදී මතුවන පිළිකා සෛල මගින් ශරීර ශක්‌තිය විශාල ප්‍රමාණයක්‌ උරා ගැනීමය. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය කුමන හෝ ආකාරයකින් වෙනස්‌වීමට පටන් ගනී.

එහිදී මතුවන රෝග ලක්‌ෂණ අතර අධික තෙහෙට්‌ටුව දැකිය හැකිය. වෙනදාට වැඩියෙන් අධික ලෙස දහදිය දැමීම සිදුවෙනවා. සිරුරේ ලේ හිඟකම (රක්‌තහීනතාව) මතුවෙනවා. ශරීර බර අසාමාන්‍ය ලෙස අඩුවීමට පටන් ගන්නවා.

ශරීරයේ නිතර උණ හටගැනීමක්‌ සිදුවෙනවා. විශේෂයෙන්ම සවස්‌ වරුවේ ඇඟ සීතල කළ උණ ගැනීමක්‌ දැකිය හැකියි. ආහාර අරුචියක්‌ මතු වෙනවා. නිතර කරකැවිල්ල පැවතීම සහ ක්‌ලාන්තයට පත්වීම සිදු විය හැකියි. වසා ග්‍රන්ථි ඉදිමුම එසේත් නැති නම් අප සාමාන්‍යයෙන් පවසන පරිදි කුද්දෙටි විශාලවීම සිදුවෙනවා.

සුවනොවී නිතර නිතර පවතින කැස්‌ස, සෙම, උගුරෙන් කැඩී නොඑන බවක්‌ පැවතීම දැකිය හැeකියි. එසේම සෙම් රෝගවලට අදාළ නොවනා ආකාරයේ හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. අස්‌ථි සන්ධිවල වේදනා, කැක්‌කුම් හටගන්නවා. අස්‌ථි ඉදිමුම, අස්‌ථි බිඳීම. අස්‌ථි පිපිරීම සිදුවිය හැකියි.

මෙම පොදු ලක්‌ෂණ සමූහය පිළිකා නොවන වෙනත් රෝග සඳහාත් මතුවෙනවා. එනිසා රෝග ලක්‌ෂණ එකක්‌ දෙකක්‌ මතුවූ පමණින් පිළිකා රෝගයක්‌ මතුවී ඇතැයි කියා එකවර තීරණය කරන්න බැහැ.

නමුත් මෙම රෝග ලක්‌ෂණ කිහිපයක්‌ එක දිගට පවතිනවා නම් සුදුසුකම් ලත් බටහිර වෛද්‍යවරයෙක්‌ හෝ දේශීය වෛද්‍යවරයෙක්‌ හමුවී පරීක්‍ෂා කරගැනීම මගින් මතුව ඇති රෝගය නිවැරදිව හඳුනාගත හැකියි.

පිළිකාවක්‌ මතුව ඇතැයි කියා මෙම පරීක්‍ෂාවකදී හඳුනාගතහොත් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන්නේ කෙසේද?

පළමුව කළයුත්තේ රෝගියාට පිළිකා රෝගය සම්බන්ධව පවතින බිය නැති කිරීමයි. එසේ කළයුතුවන්නේ පිළිකාවක්‌ නිසා දැනගත් විගස රෝගියා අතිශය අයුරින් බියට පත්වෙනවා. ඊට හේතුව වී ඇත්තේ පිළිකාවක්‌ නිසා මරණය ඉතා ඉක්‌මනින් සිදුවන බවට පවතින මතයයි.

නමුත් සෑම පිළිකා රෝගයක්‌ම ඉතා භයානක නැහැ. එනිසා වෛද්‍යවරයා මුලින්ම කළ යුතු ප්‍රතිකාරය වන්නේ රෝගියාගේ පවතින බිය නැතිකර ආත්ම විශ්වාසය ගොඩනැඟීමයි. රෝගියා තුළ බිය හට ගැනීමෙන් සිදුවන්නේ බියවීම නිසා සිරුරින් ශ්‍රාවය වන එන්සයිම මගින් රුධිරය තවදුරටත් දූෂණය වීමයි. එවිට පිළිකාව පැතිරයැම ඉතා ඉක්‌මනින් සිදුවෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකාවක්‌ සුව කිරීමේදී අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම රැසක්‌ තිබෙනවා. එය වෛද්‍යවරු පැවත එන වෛද්‍ය පරම්පරාව අනුවත් වෙනස්‌ වෙනවා.

අප පැවත එන්නේ පුලස්‌ථි සෘසිවරයාගෙන් ශිල්ප ලැබූ රාවණා රජතුමාගේ පරපුර ඔස්‌සේ පැවත එන ගලේවෙල දේවහූව දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ ආදිවාසීන් ලෙස ජීවත්වූ මහාකන්දා වැදිනායකතුමාගෙන් පැවත එන පුලස්‌ති වෙදපරපුරේ එරමුදුගහ ගෙදර මූලික වූ මාගේ පියාණන් වන පියදාස සරත් කුමාර එරමුදුගහ ගෙදර වෙද පරපුරෙනි. එම වෙද පරපුර අනුව පිළිකාව සඳහා ප්‍රතිකාර කරන ඖෂධ වට්‌ටෝරු සකස්‌කර තිබෙනවා.

එසේම අප වැනි පාරම්පරික දේශීය වෛද්‍ය පරපුරත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ප්‍ර්‍රතිකාර ලෙස අනුගමනය කරන්නේ ආහාරවලින් රෝග පාලනය ප්‍රතිකාර ක්‍රමයකි. රෝගීන්ට ලබාදෙන සෑම ඖෂධයක්‌ම ආහාර වර්ගය.

එම ආහාරවල බහුලවම අඩංගු වන්නේ කුළුබඩුය. මෙම ප්‍රතිකාර මගින් ශරීරයට කිසිදු හානියක්‌ සිදුවන්නේ නැහැ. එනිසා පිළිකා රෝගීන්ටත් ලබා දෙන්නේ මෙවැනි ආහාරමය ඖෂධ වර්ගයිs.

ඖෂධ වර්ගත් හැකිතාක්‌ දුරට සකස්‌ කළ ඖෂධ වර්ග ලබාදෙනවා. කසායක්‌, තැම්බුමක්‌ ආලේපයක්‌ වැනි සාදාගත යුතු ඖෂධ වර්ගයක්‌ සඳහාත් අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා පහසුවෙන් දැන් ලබාගත හැකියි.

ප්‍රතිකාර ලබාගැනීමේදී රොගියා ආහාරපාන ගැනීමේ පාලනයක්‌ සිදු කළ යුතුද?

රෝගියෙක්‌ කියන්නෙ සරල සාමාන්‍ය පුද්ගලයෙක්‌ නෙමෙයි. විශේෂයෙන් පිළිකා රෝගියෙක්‌ සඳහා ප්‍රතිකාර ලබාදීමේදී රෝගියාට ආදරය කරුණාව අවශ්‍යයි. එසේම තෙල් බහුල ආහාර, මේදය බහුල ආහාර, ජාන වෙනස්‌ කළ කෘත්‍රිම ආහාර වර්ග ලබා නොදිය යුතුයි.

පිළිකාවක්‌ ඇතිවීමට හේතුව ශරීරයේ විෂක්‌ නිෂ්පාදනය වීමයි. එනිසා එම විෂ නැති කරන ආහාර රටාවකට වෛද්‍ය උපදෙස්‌ මත යොමුවිය යුතුයි.

මෙම ආහාර වට්‌ටෝරුව අතර පිළිකා රෝගීන්ටත් නිරෝගී කොයි කාටත් දිනපතා ගත හැකි ඉතා ප්‍රබල ගුණයක්‌ සිරුරට ලබාදෙන ඖෂධීය පානයක්‌ තිබෙනවා. එය තමයි ගොටුකොළ සහ කෝමාරිකා මදය සහිත යුෂ පානය.

මෙම පානය දිනපතා උදේ අවදිවී හිස්‌බඩ ගැනීම සහ රාත්‍රී නින්දට පෙර ගැනීම කළ හැකියි.

එක්‌ වරකදී අඬු කොප්ප තුන්කාලක්‌ පමණ පානය කළ යුතුයි.

එය සාදාගැනීම සඳහා දේශීය ගොටුකොළ දෙමිටක්‌ ගන්න. කෝමාරිකා අඟල් තුනක්‌ පමණ දිග පිත්තක්‌ හෝ එහි මදය ගෙන ගොටු කොළ සමඟ මිශ්‍රකර කොටා රෙදි කඩකින් එහි යුෂ මිරිකා ගන්න. ඉන්පසු ඊට ලුණු ස්‌වල්පයක්‌ මිශ්‍රකර ගන්න.

මෙම පානය මගින් අපට නිතර වැළඳෙන ලෙඩ රෝග සියයට 95 ක්‌ පමණ අඩුකර ගත හැකියි. තම රෝගය ඉක්‌මනින් සුවකර ගැනීමට මෙය ගුණදායකයි. එනිසා මෙම ඖෂධීය පානය රෝගී, නිරෝගී කොයිකවුරුත් දිනපතා පානයට යොමුවීම මගින් තම ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට හැකි බව පැවැසිය යුතුයි.

හැමදෙනාටම දැනගන්න මේ සුවිශේෂී කරුණු ඇතුලත් ලිපිය ශෙයා කරන්න

– වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 0718285605 හෝ 0778985757 ඇමැතිය හැකිය.

– කඩවත කිරිල්ලවල ජීව බල වෙද මැදුරේ පාරම්පරික දේශීය ආයුර්වේද රස වෛද්‍ය වජිරජීව සරත් කුමාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button