පළකල දිනය : Wed, Apr 25th, 2018

රටම බලාසිටි දැරියගේ සැත්කමෙන් පසු පියා තැබූ ෆේස්බුක් සටහන ! (Photos)

පසුගිය දින කිහිපය තුල සමාජජාලා හරහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුන හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බව එම දැරියගේ පියා සඳහන් කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමිනුයි ඒ ගැන ප්‍රකාශ කර තිබුණේ.

කොළඹ පුද්ගලික රෝහලකදී අද (25) එම සැත්කම සිදුකෙරණු අතර තම දියණියගේ සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ සිට ඇයට අවශ්‍ය ලේ වර්ගය සොයා ගැනීම දක්වාම සහය ලබාදුන් සියළුම දෙනාට දැරියගේ පිය තම කෘතවේදීත්වය ප්‍රකාශ කර තිබුණා.

මේ සැත්කමෙන් පසු දැරියගේ පියා පළ කල ෆේස්බුක් සටහන සහ තවත් ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button