පළකල දිනය : Wed, Apr 25th, 2018

ලෝකෙටම පාඩමක් ඉගැන්වූ යකඩ කෙල්ලෝ තුන්දෙනා !

දවසක් හැන්දෑවක් ගෙදරට කන්න මොනවා හරි ගේන්න කඩේට ගිය දිල්කිගේ තාත්තා, ගමේ මිනිස්සු පුවක්කොට දාලා යන්තමින් අටවාගෙන තිබුණු පාලමෙන් ඔයට වැටිලා මියයනවා.

තමන්ගේ ආදරණිය පියාගේ මරණයෙන් පස්සෙවත් සිය දහස් ගණනක් මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දමමින් තිබූ අබලන් පාලම ගැන නිසි බලධාරියෙක්ගේ අවධානය යොමු නොවීම පිළිබද දිල්කි වගේම ගමේ මිනිස්සු හැමෝම හුගාක් කම්පාවෙනවා.

කාලය ගෙවිලා ගිහින් වෙනසක් නොවෙන ඒ අබලම් පාලම තමන්ගේ අතින්ම හදන්න දිල්කි තමන්ගේ හොදම යාළුවො වෙච්ච සදුනි සහ නිලුෂිකාට කතා කරනවා. සදුනිත් නිලුක්ෂිත් දෙපාරක් නොහිතා දිල්කි එක්ක මේ දැවැන්ත අභියෝගෙට මුහුණ දෙන්න එකතුවෙනවා.

නෙළුවේ මේ කෙල්ලෝ තුන්දෙනා එකතුවෙලා ගමේ තවත් කෙල්ලොත් එකතුකරගෙන 30 දෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම යෞවන සමාජයක් විදිහට ලියාපදිංචි කරගන්නේ පාලම හදන වැඩේට හයියක් වෙන්න.

යෞවන සමාජයකට ගමේ වැඩකට රු 75,000ක් ලැබෙන බව දැනගන්න සදුනි සහ ගමේ කෙල්ලෝ ටික ඒක ලබාගෙන අලුත් පාලමක් හදන්න හීන දකිනවා.ඔයට උඩින් පාලම හදන එක ගැන හරියටම සැළසුම් කරත්දී තමයි දැනගන්නේ පාලම හදන්න ලක්ෂ 30කට වැඩිය යනබව.

ඒ ආරංචිය සදුනි ඇතුළු කෙල්ලෝ ටිකට තරමක් කණගාටුවක් ගෙනාවත් එයින් සදුනි ඇතුළු ගමේ කෙල්ලෝ පසුබට වෙන්නේ නෑ.

සදුනි කෙල්ලෝ ටිකත් එක්ක පාරට බැහැලා ට්කට් ගහලා හැමතැනම විකුණනවා, ගෙයක් ගෙයක් ගානේ ගිහින් සල්ලි එකතු කරනවා, තේ පැක්ටරි වලට ගිහින් සල්ලි එකතු කරනවා.සදුනිලා මෙහෙම කරත්දී ඒකට උදව් කරපු ගමේ අය වගේම ”ඕවා කරන්න පුලුවන්න,බොරු වැඩ කරන්නේ,කළුගලේ ඔලුව ගහගන්න යන්නේ” කියපු ගමේ අයගේ වචන වලට මේ යකඩ හිත් තිබ්බ කෙල්ලො සැලෙන්නේ නෑ.

අනේකවිධ අභියෝග හමුවේ මේ යකඩ කෙල්ලෝ ටික දවස් අනූවක් යනකොට දෙගම් යා කරමින් අඩි 68දිග පාලම හදලා ඉවර කරනවා……..!

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබාදෙන්න වෙහෙසෙන ඉන්ජිනේරුවෙකුගේ කතාව කියවෙන ”ස්වදේශ්” චිත්‍රපටයත්, සිය බිරිද අනතුරට පත්වීමෙන් පසු ඉක්මනින රෝහලට ගෙනයාමට විශාල කන්දක් වටා යාමට සිදුවීම නිසා බිරිද මියයෑමේ වේදනාවෙන් වසර 25 පුරා තනිව කන්ද මැදින් පාරක් කැපු දිරිය මිනිසෙක් ගැන කතාව කියවෙන ”මන්ජිත්” චිත්‍රපටයත්, පිළිකා රෝගයෙන් මියයන්නට මාස හයක් ඉතිරිව තිබියදී තනිව ළමා උයනක් සාදා නිමකම මිනිසෙක් ගැන නිමවූ ”ඉකුරු” චිත්‍රපටියත් වගේ සදුනිලා ගැන චිත්‍රපට හැදෙන එකක් නෑ !

මේ යකඩ කෙල්ලෝ ටික කරපු මේ වැඩේ අපේ රටට වටේම ලෝකෙටම දුන්න ආදර්ශය කොහොමත් ඒ තරම් ලඝු කරන්න බැහැ.ඒ නිසා මේ ගැන චිත්‍රපට නොහැදුනාට කමක් නෑ..රටේම ස්තුතිය විතරක් උඹලට හොදටෝම ඇති….

දයාබර සොයුරියනි,

නුඹලාට සදාකල් යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි !

ස්තුතියි නුඹලාට කළ නොහැකි දෙයක් නැති වග ලෝකෙටම කියා දුන්නාට !!!

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button