පළකල දිනය : Fri, Apr 27th, 2018

ජිවිත අවධානමද නොතකා මහා තඩි කිඹුල්ලුන්ට වන්දනාමාන කරන ජනතාව (Photos)

ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් අපට විටින් විට විවිධ උත්සව පිළිබඳව අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අතර වාරයේ ලෝකයේම අවධානය යොමුවූ අමුතුම ආකාරයේ උත්සවයක් පිළිබඳව අපට වාර්තා වන්නේ පාකිස්තානය පැත්තෙන්.

විදෙස් මාධ්‍යය වාර්තා කරන ආකාරයට පසුගිය කාලයේ නවතා තිබී මෙලෙස යළි ආරම්භ කර ඇත්තේ කිඹුලන් වෙනුවෙන් පැවැත්වෙන Sheedi mela නම් සාම්ප්‍රදායික උත්සවය වනවා.

මෙම උත්සවය වසරක් පාසා සංවිධානය කළත්, පසුගිය වසර 7 ක කාලයක් පුරා එය නොපැවැත්වීම විශේෂත්වයක් වන බවයි බොහෝ දෙනාගේ අදහස.

කෙසේ වෙතත් මෙම උත්සවය නොපවත්වා ඇත්තේ, ආරක්‍ෂිත හේතුන් මතයි. මෙම උත්සවය සිදුකරනු ලබන්නේ පාකිස්තානයේ වෙසෙන ශීදී ජන සමාජය මගීන්.

ශීදී ජන සමාජය විශ්වාස කරන්නේ කිඹුලන් යනු “සුෆි” සාන්තුවර පිර් මැන්ග්හෝගේ නැවත පහළවීමක් වන බවයි.

විදෙස් මාධ්‍යය වාර්තා කරන ආකාරයට මෙම උත්සවය සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ, පාකිස්තානයේ Karachi හි පැරණිතම සිද්ධස්ථානය වන Manghopir නම් දේවස්ථානයයි. අති විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වන බවද වාර්තා වනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button